Tuesday, April 22, 2025
Home » රනිල්ට සහාය දෙන පුද්ග­ල­ය­කුට මුහුණු වසා­ගත් පිරි­සක් පහර දීලා

රනිල්ට සහාය දෙන පුද්ග­ල­ය­කුට මුහුණු වසා­ගත් පිරි­සක් පහර දීලා

by damith
September 14, 2024 1:03 am 0 comment

මිහිර විජේ­සේ­කර - මාර­විල සමූහ, පුත්ත­ලම අති­රේක - හිරාන් ප්‍රියං­කර

නව­ග­ත්තේ­ගම පොලිස් වස­මට අයත් වෙලේ­වැව ප්‍රදේ­ශයේ නිවෙ­ස­කට හඳු­නා­ගත නොහැකි අන්ද­මින් වෙස් මුහුණු පැල­ඳ­ගත් පුද්ග­ල­යන් දෙදෙ­නකු කඩා­වැදී නිවසේ සිටි පුද්ග­ල­ය­කුට දරුණු ලෙස පහර දීමෙන් තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රති­කාර සඳහා නව­ග­ත්තේ­ගම රෝහ­ලට ඇතු­ළත් කොට තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වෙලේ­වැව ප්‍රදේ­ශයේ පදිංචි සුනන්ද තිල­ක­රත්න නමැති වයස අවු­රුදු 42ක පුද්ග­ල­යෙකි.

1994 වර්ෂයේ සිට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා­කාරී ප්‍රබල සාමා­ජි­ක­යකු වන අතර, මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය පළ කර­මින් සංවි­ධාන කට­යු­තු­වල නිරත වන අයෙකි.

පහර කෑමට ලක් වූ පුද්ග­ලයා තම නිවස ඉදි­රි­පිට පුටු­වක වාඩි වී සිටි­යදී ඉකුත් 09 වෙනි දින රාත්‍රී 8.00ට පමණ වෙස්මු­හුණු සහි­තව පැමිණි පුද්ග­ල­යන් දෙදෙනා කිසිදු විම­සී­ම­කින් තොරව එක­වර පහර දී නිවස පිටු­ප­සින් පලා ගොස් ඇති බව ප්‍රහා­ර­යට ලක්වූ අය පොලි­සිය හමුවේ පවසා තිබේ. පහර දීමෙන් ඔහුගේ වම් ඇස ප්‍රදේ­ශ­යට දරුණු ලෙස තුවාල සිදුව තිබේ.

අන­තු­රුව නිවැ­සි­යන් ඔහු කඩි­න­මින් ප්‍රති­කාර සඳහා නව­ග­ත්තේ­ගම රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

පලා­ගිය සැක­ක­රු­වන් තව­මත් හඳු­නා­ගෙන නැත. සිද්ධිය සම්බ­න්ධව නව­ග­ත්තේ­ගම පොලි­සිය විම­ර්ශන කට­යුතු සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT