Home » චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

by chanaka
September 14, 2024 3:31 pm 0 comment

2023 වසරේ චීනයේ සේවා ආනයන සහ අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 900 ඉක්මවයි. ‘2023 චීන සේවා වෙළඳ සංවර්ධන වාර්තාවේ’ මේ බව දැක්වේ.

2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ඊ‍යේ (13) පැවති සේවා වෙළඳ සංවර්ධන සංසදයේ දී එම වාර්තාව නිකුත් කෙරිණ.

2023 වසරේ චීනයේ සමස්ත සේවා ආනයන සහ අපනයන වටිනාකම ඇ. ඩො. බිලියන 933.12 ක් ලෙස වාර්තා විය. එය 2022 වසරට සාපේක්ෂව 4.9% ක වර්ධනයකි.

එසේම, මෙම වසරේ පළමු භාගයේදී ද චීනයේ සේවා වෙළඳ පරිමාණය චීන යුවාන්  ට්‍රිලියන 3.6 ක වාර්තාගත ඉහළ අගයක් සපුරා තිබීම කැපීපෙනේ. එය 2023 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 14% ක වර්ධනයක් බව ද වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Tang Wenhong මහතා පැවසීය. මේ අනුව, චීනයේ සේවා වෙළඳ ක්ෂේත්‍රයේ සංවර්ධනය සමස්ත වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත්වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT