Monday, April 21, 2025
Home » මනුදිගේ නායකත්වයෙන් යොවුන් කාන්තා පිල ඔස්ට්‍රේලියාවට

මනුදිගේ නායකත්වයෙන් යොවුන් කාන්තා පිල ඔස්ට්‍රේලියාවට

ඩිල්ෂාන්ගේ දියණියත් සංචිතයට

by mahesh
September 13, 2024 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩිකා මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට එක්වීමට නියමිතය.

16 දෙනකුගෙන් සමන්විතව මේ සංචාරය සඳහා නම් කළ සංචිතයේ උපනායිකාව ලෙස මාතර අනුර විදුහලේ රශ්මිකා සෙව්වන්දි කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න සංචිතයට එක්ව සිටීම කැපී පෙනේ.

එමෙන්ම කොළඹින් දුර බැහැර ප්‍රදේශවන මොනරාගල පඤ්ඤානන්ද මහ විදුහලේ චමෝදි ප්‍රබෝධා සහ ත්‍රිකුණාමලය සිංහල මහ විදුහලේ විමෝක්ෂා උපමෝදි බාලසූරිය සහ අම්පාර උහන මැදි විදුහලේ ප්‍රමුදි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකාවේ දනුලි තෙන්නකෝන් එක්ව සිටීම ද විශේෂත්වයකි. රත්ගම දේවපතිරාජ විදුහල් ක්‍රීඩිකාවෝ 6 දෙනෙක් ද මේ සංචිතයට එක්ව සිටිති.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සමඟ එක්දින සහ විස්සයි20 තුන්කොන් තරගාවලි දෙකකට සහභාගි වෙයි.

විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලබන මස 20 වැනිදා නවසීලන්තයට එරෙහිව පළමු තරගයට පිවිසෙන අතර, ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන එක්දින තරග දෙක සැප්තැම්බර් 30 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ඔක්තෝබර් 1 නවසීලන්තයට එරෙහිවත් පැවැත්වේ.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය: මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), සුමුදු නිසංසලා, සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, රශ්මි නේත්‍රාංජලී, එරන්දි හංසමාලි, ප්‍රමුදි මෙත්සරා, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා, දහමි සනෙත්මා, අශේනි තලගුණේ, ෂෙහාරා ඉඳුවරි, දනුලි තෙන්නකෝන්, නෙතගි ඉසුරාංජලී, ලිමන්සා තිලකරත්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT