සහල් සඳහා පාලන මිලක් පැවතියද, මේ වන විට එම පාලන මිලට කිසිදු සහල් වර්ගයක් පාදුක්ක, හංවැල්ල සහ මීගොඩ යන ප්රදේශවලින් මිලදී ගැනීමට නොලැබෙන බව පාරිභෝගික ජනතාව පවසති. කීරි සම්බා සහල්වල මිල පාලන මිලට වඩා අඩුවෙන් වෙළෙඳපොළේ අලෙවි වුවත්, නාඩු ඇතුළු අනෙකුත් සෑම සහල් වර්ගයකම මිල ක්රමයෙන් වැඩිවී ඇතැයි ඔහු පවසති.
මහා පරිමාණයේ මෝල් හිමියන් සහල්වල මිල තීරණය කිරීමත්, ඔවුන්ගෙන් මනාපය පරිදි සහල් මිල ක්රමානුකූලව වැඩි කිරීමත් සමඟම ඔවුන් වෙළෙඳපොළට සහල් නිකුත් කිරීම ද සීමා කර තිබෙනවා.
සහල්වල මිල වැඩිවීමත් වෙළෙඳසල්වල තොග අඩුවීමත් සමඟම, ග්රාමීය මට්ටමේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ද, සහල් මිල ඉහළ දැමීමට පෙලඹී ඇතැයි ඔහු පවසති.
මේ සම්බන්ධයෙන් සහල් සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල් කීපයකින් විමසීමේදී ඔහු මෙසේ පැවසීයේය.
“මේ වන විට මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් රුපියල් 20 – 30 අතර මුදලකට සහල්වල මිල වැඩි කර තිබෙන අතර, වෙෙළඳපොළට සහල් නිකුත් කිරීමද සීමා කර තිබෙනවා. ඔවුන් කීරි සම්බා සහල්වල මිල සුළු වශයෙන් අඩුකර තිබෙනවා. නමුත් පාරිභෝගික ජනතාව කීරි සම්බා පරිභෝජනය අඩු කර ඇති නිසා එම සහල් අලෙවිය අඩුවී තිබෙනවා. මේ වන විට එකම ජාලයක් මෙන් සහල් මෝල් හිමියන් සහල් මිල වැඩි කර තිබෙනවා. මේ නිසා අපිට පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකිවී තිබෙනවා.”
මේ ගැන මෝල් හිමියන්ගෙන් විමසීමේදී මෙවර කැපූ කන්නේ වැඩිමිලට වී මිලදී ගැනීම නිසා, එලෙස මිලදී ගත් අලුත් වී කොටා සකස් කරගන්නා සහල් වැඩි මිලට අලෙවි කිරීමට සිදුවී ඇතැයි ඔවුන් පවසනවා.
“ඔවුන් සහල් මිල වැඩි කරනු ලැබුවත් බිල්පත් නිකුත් කිරීමේදී පැරණි මිල ගණන්වලට තමයි නිකුත් කරන්නේ. එම මිල ගණන්වලට අපට සහල් මිලදීගෙන අලෙවි කිරීමේදී, වැටලීම් අංශවලින් අපිට ගැටලු මතු වෙනවා පමණක් නොවෙයි දඩත් ගෙවීමටත් සිදු වී තිබෙනවා. පාරිභෝගික ජනතාව කඩේට පැමිණ සහල්වල මිල ගණන් විමසීමේදී හාල්වල මිල ගණන් අපි ඔවුන්ට පැවසීමේදී, අපිටත් බැණලයි ඔවුන් හාල් මිලදී ගන්නේ.
මෙලෙස සහල්වල මිල වැඩි කිරීම හරිම අසාධාරණ බව අපට තේරෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ.
මේ සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු අංශවල අවධානය යොමු කර, ජනතාවට සහනයක් ලබා දිය යුතුයි. එසේ නොවුණහොත් ඉදිරියේදී සහල් මිල තවත් ඉහළ යෑම වළක්වා ගත නොහැකි බව වෙෙළඳුන් පවසා සිටී.”