Home » ශිෂ්‍යත්වය පැවැත්වෙන කාලසීමාවේ ආපදා කළමනාකරණයට වැඩපිළිවෙලක්

ශිෂ්‍යත්වය පැවැත්වෙන කාලසීමාවේ ආපදා කළමනාකරණයට වැඩපිළිවෙලක්

by chanaka
September 13, 2024 4:02 pm 0 comment

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය (15) තුළදී විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම සැලසුම තුළ පෙන්වා දී ඇත.

යම් ආපදාවක් නිසා කිසියම් දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර දිමට කටයුතු කරනු ඇත.

මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක ක්‍රියාත්මක වන්නේ සෙනසුරාදා (14) හා ඉරිදා (15) දිනයන්හි පමණකි.

විභාග කාල සීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සදහා හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය (https://www.dmc.gov.lk/) තුළින් භාගත කර ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT