සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා ඇත්තේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගයට ගැනුණු නඩුව ඊයේ (12) සමථයට පත් වූ බවයි.
එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.
ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියේය.