ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක කරන ඉදිකිරීම් යන්ත්‍ර නඩත්තු පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තාක්ෂණ වෘත්තීය සහතිකපත් ප්රදානෝත්සවය පසුගියදා සිදු කෙරිණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මේ වැඩසටහන ක්‍රියාත්මක කළේය.
මේ සහතිකපත් ප්රදානෝත්සවය පෙරේදා (11) ශ්‍රී ලංකා ඉංජිනේරු අධිකාරියේ සභාපති, මහාචාර්ය රංජිත් දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු ආර්. එච්. රුවිනිස් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ඉදිකිරීම් යන්ත්‍ර නඩත්තු පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ සිසුන් 14 දෙනකුට සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව හැදෑරු සිසුන් 50 දෙනකුට සහතිකපත් ප්රදානය කළහ.
මේ අවස්ථාවට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දු, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා (ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රික සේවා) ඉංජිනේරු නිමන්ති ජයකොඩි, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ (ඉදිකිරීම් යන්ත්‍ර කළමනාකරණ) ඉංජිනේරු නිරෝෂ් වතුකාරවත්ත මහත්ම මහත්මීන් සහභාගී වුහ.