Home » වැටුණු රට ගොඩගත් ජනපති රනිල්ට ජය නියතයි

වැටුණු රට ගොඩගත් ජනපති රනිල්ට ජය නියතයි

by mahesh
September 13, 2024 1:00 am 0 comment

අමායා රන්දුනු

ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයා ලෙස 2010දී මහින්ද රාජපක්ෂ දිනවූ අයුරින්ම වැටුණු රට ගොඩනැඟූ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම මෙවර ජනපතිවරණයෙන් ජනපති කරවන බව ස්ථිර යැයි ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉකුත්දා (08) පැවති රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මුහුණුපොත සහ ඇතැම් මාධ්‍ය තුළ මේ වන විට ජනාධිපතිවරුන් බිහිකර ඇතත් රටේ නිහඬ අතිබහුතරය ජනතා ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට පෙළ ගැසී සිටිනවා. එනිසා මෙවර ජනපතිවරණය අනෙක් සියලු ජනපතිවරණවලට වඩා වෙනස්. එහි ප්‍රතිඵලයෙන් අනෙක් අපේක්ෂකයන්ගේ සැබෑ තත්ත්වය 21 වැනිදා රටටම දැනගැනීමට ලැබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික ජන බලවේගය යනු එකම කාසියේ දෙපැත්ත. ඔවුන් කිසි ලෙසක පැරණි ප්‍රතිපත්තිවලින් වෙනස්වී නෑ. සමගි ජන බලවේගයේ නායකත්වය රටට නොව මරණාධාර සමිතියකට හෝ නායකත්වය දිය නොහැකි චරිතයක්. එනිසා මේ රටේ ජනතාව එවැනි නායකයන් කිසි ලෙසකින් පත් කර ගන්නේ නෑ.

පසුගිය අභියෝගාත්මක දෙවසරේ ජනාධිපතිවරයා රට ගොඩනැඟුවද තවත් අභියෝග රාශියක් තිබෙනවා. කාල බෝම්බයක් නිෂ්ක්‍රීය කළ හැක්කේ දක්ෂ පළපුරුදු විශේෂඥ දැනුමැති සොල්දාදුවකුටයි. රනිල් වික්‍රමසිංහ මහතාද මේ මොහොතේ එවැනි කාල බෝම්බයක් නිෂ්ක්‍රීය කළ හැකි දක්ෂ පළපුරුදු අයෙක්.”

ඇමැති විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT