Monday, April 21, 2025
Home » ලක්ෂ හත­ළිහක යතු­රු­පැදි හා ත්‍රිරෝද රථ සොරා­ගෙන ලක්ෂ හත­ර­කට වික්ක තුන් කට්ටුව මාට්ටු

ලක්ෂ හත­ළිහක යතු­රු­පැදි හා ත්‍රිරෝද රථ සොරා­ගෙන ලක්ෂ හත­ර­කට වික්ක තුන් කට්ටුව මාට්ටු

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

කොට්ටාව - ප්රදීප් කුමාර බණ්ඩාරගම - බිමල් ජයසිංහ

ත්‍රිරෝද රථ­යක යමින් මහ­මඟ නවතා තිබෙන ත්‍රිරෝද රථ හා යතු­රු­පැදි කොල්ල­කෑ­මට පුරු­දුව සිටි තිදෙ­නෙ­කු­ගෙන් යුත් කල්ලි­යක් සොරා ගත් යතු­රු­පැදි පහක් ත්‍රිරෝද රථ­යක් සමඟ (10) අත්අ­ඩං­ගු­වට ගත් බව කහ­තු­ඩුව පොලි­සිය පව­සයි.

රුපි­යල් ලක්ෂ හත­ළිස් දෙකක් පමණ වටිනා මෙම යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථය කෑලි ගලවා විකි­ණී­මට ගරා­ජ­ය­කට අලෙවි කර ඇත්තේ රුපි­යල් ලක්ෂ හත­ර­කට බව පොලි­සිය පව­සයි.

කහ­තු­ඩුව-පොල්ග­ස්ඕ­විට ප්‍රදේ­ශයේ පෞද්ග­ලික සමා­ග­ම­කට අයත් යතු­රු­පැ­දි­යක් සොරා­ගෙන යෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ලද පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කදී මෙම කොල්ල කල්ලිය අත්අ­ඩං­ගු­වට ගත් බව පැවසේ.

ජාවා­රමේ ප්‍රධාන සැක­කරු තරිඳු නමැත්තා මෙම යතු­රු­පැ­දිය පොල්ග­ස්ඕ­විට ප්‍රදේ­ශ­යෙන් සොරා ගැනීම ආර­ක්ෂිත කැම­රා­වක සට­හන්ව තිබූ අතර ඒ අනුව දින තුනක් පුරා ආර­ක්ෂක කැමරා දර්ශන 35ක් පමණ පරීක්ෂා කර­මින් පොලිස් නිල­ධා­රීන් හොරණ නග­රය දක්වා ගොස් තිබේ.

එහිදී හොරණ නගර මධ්‍ය­යේදී සැක­කරු යතු­රු­පැ­දිය සමඟ අතුරු මාර්ග­ය­කට හර­වන අයුරු දැක එම ස්ථාන­යට ගොස් පරීක්ෂා කිරී­මේදී එහි යකඩ බඩු එකතු කරන ස්ථාන­යක් සහ ගරා­ජ­යක් පිහිටා තිබූ බව පැවසේ.

නියත වශ­යෙන්ම සැක­කරු කොල්ල­කන වාහන මෙම ස්ථාන­යට කැබලි කිරී­මට භාර­දෙන බවට වූ සැකය මත පොලිස් නිල­ධා­රින් පැය පහ­කට අධික කාල­යක් එම ස්ථානය වටලා ආවේ­ක්ෂණ රාජ­කා­රියේ රැඳී සිටි­යදී සැක­කරු යතු­රු­පැ­දි­ය­කින් පැමිණ තිබේ. එසේ පැමිණි යතු­රු­පැ­දියේ බල­පත්‍ර ඉල්ලා සිටි­යදී ඒවා ඉදි­රි­පත් කිරී­මට අපො­හො­සත් වීම නිසා සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ප්‍රශ්න කිරී­මේදී එම යතු­රු­පැ­දිය දින දෙක­කට පෙර උතුරු කළු­තර ප්‍රදේ­ශ­යෙන් සොරා­ගත් එකක් බවට අනා­ව­ර­ණය වී තිබේ. පසුව සැක­ක­රු­ගෙන් දිගින් දිග­ටම ප්‍රශ්න කිරී­මේදී කහ­තු­ඩුව ප්‍රදේ­ශ­යෙන් සොරා ගත් යතු­රු­පැ­දිය ඇතුළු යතු­රු­පැදි පහක් හා ත්‍රිරෝද රථ­යක් පොලි­සිය සොයා­ගෙන තිබේ.

පොලිස් භාර­යට ගත් වාහ­න­වල කිසිදු නීත්‍ය­නු­කූල බල­ප­ත්‍ර­යක් සැක­කරු සන්ත­කයේ තිබී නොමැති බව පැවසේ.

ඒවා උතුරු කළු­තර, කහ­තු­ඩුව, හොරණ, බුල­ත්සිං­හල, කැස්බෑව, ගාල්ල යන ප්‍රදේ­ශ­ව­ලට අයත් බවත් ලක්ෂ හත­ලිස් දෙකක් පමණ වටිනා මෙම යතු­රු­පැදි සහ ත්‍රිරෝද රථය කෑලි ගලවා විකි­ණී­මට ගරා­ජ­යට අලෙවි කර ඇත්තේ රුපි­යල් ලක්ෂ හත­ර­කට බවට කරුණු අනා­ව­ර­ණය වී තිබේ.

ඒ අනුව ගරාජ හිමියා සහ ප්‍රධාන සැක­ක­රුට ආධාර අනු­බ­ල­දුන් ත්‍රිරෝද රථ රියැ­දු­රෙ­කුද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඒ අනුව අත්අ­ඩං­ගු­වට ගත් හොරණ ප්‍රදේ­ශයේ පදිංචි 26 සහ 38 හැවි­රිදි වය­ස්වල පදිංචි තිදෙනා ඊයේ (11) කැස්බෑව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT