73
රාත්‍රි කාලයේ නිෙවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 02ක් වටිනා යතුරු පැදියක් කිසිවෙකු විසින් සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගල්පාත දියගම ඇලමෝදර පාලම අසල පදිංචි පාවුල් පෙට්ටියගේ දොන් අමිල පුෂ්පකුමාර (අවු.39) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. තමා ඉකුත් 08 වැනිදා රාත්‍රි 9.30 ට පමණ යතුරුපැදිය නිෙවස ඉදිරිපිට වැරැන්ඩාවේ නතර කර හැඬලය ලොක් කර නිදා ගත් බවත් පසු දින උදේ 6.00 ට පමණ අවදිවී බලන විට එය නොතිබුණු බවත් ඔහු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.