Home » එකම ගමේ වාහන 2ක් උස්සලා පොලි­සි­යට පැමි­ණිලි

එකම ගමේ වාහන 2ක් උස්සලා පොලි­සි­යට පැමි­ණිලි

by Gayan Abeykoon
September 12, 2024 1:00 am 0 comment

කළු­තර මධ්යම සමූහ සුනිල් ස්ටැන්ලි

ඉකුත් (10) දින රාත්‍රියේ කළු­තර කුරේ පාරේ නිවාස දෙකක් අසල නවතා තිබූ යතු­රු­පැ­දි­යක් හා ත්‍රිරෝද රථ­යක් සොර­කම් කිරීමේ සිද්ධීන් පිළි­බ­ඳව දකුණු කළු­තර පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. මොහො­මඩ් මුස­ම්මිල් රූස්ලි අහ­මඩ් යන අය පොලි­සි­යට පවසා ඇත්තේ තමා කුලී පද­නම මත ලබා­ගෙන තිබූ රුපි­යල් 4,80,000/-ක් වටිනා යතු­රු­පැ­දිය නි‍ෙවස ඉදි­රි­පිට දුම්රිය මාර්ගය අසල නවතා හැඬ­ලය අඟුළු දමා නිදා ගත් බවත් අලු­යම් කාලයේ බලන විට එය නොති­බුණු බවත්ය. පසුව සොයා බැලී­මේදී අස­ල්වැසි නි‍ෙව­සක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථ­යක්ද සොරා­ගෙන ගොස් ඇති බව දැන ගත් බවත් ඔහු පොලි­සි­යට ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව රුපි­යල් 4,20,000/-ක් වටිනා තම ත්‍රිරෝද රථ­යද කිසි­වෙකු විසින් සොරා­ගෙන ගොස් ඇති බව කිය­මින් මොහො­මඩ් මකීන් මොහො­මඩ් රිස්වාන් යන අයද පොලි­සි­යට පැමි­ණි­ලි­කොට ඇත. වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT