ඉකුත් (10) දින රාත්රියේ කළුතර කුරේ පාරේ නිවාස දෙකක් අසල නවතා තිබූ යතුරුපැදියක් හා ත්රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධීන් පිළිබඳව දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මොහොමඩ් මුසම්මිල් රූස්ලි අහමඩ් යන අය පොලිසියට පවසා ඇත්තේ තමා කුලී පදනම මත ලබාගෙන තිබූ රුපියල් 4,80,000/-ක් වටිනා යතුරුපැදිය නිෙවස ඉදිරිපිට දුම්රිය මාර්ගය අසල නවතා හැඬලය අඟුළු දමා නිදා ගත් බවත් අලුයම් කාලයේ බලන විට එය නොතිබුණු බවත්ය. පසුව සොයා බැලීමේදී අසල්වැසි නිෙවසක් අසල නවතා තිබූ ත්රිරෝද රථයක්ද සොරාගෙන ගොස් ඇති බව දැන ගත් බවත් ඔහු පොලිසියට ප්රකාශ කර තිබුණි. ඒ අනුව රුපියල් 4,20,000/-ක් වටිනා තම ත්රිරෝද රථයද කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව කියමින් මොහොමඩ් මකීන් මොහොමඩ් රිස්වාන් යන අයද පොලිසියට පැමිණිලිකොට ඇත. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.