හොරණ ශ්‍රීපාලි විද්‍යාලීය 1999 ආදි ශිෂ්‍ය කණ්ඩායම මඟින් සංවිධාන කළ ශ්‍රීපාලී කාන්තා ප්‍රිමියර් ලිග් (SWPL2024) තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට 2004 ආදි ශිෂ්‍ය කණ්ඩායමට හැකි විය. සමස්ත අනුශූරතාව 2022 කණ්ඩායමට හිමි විය.
හොරණ ශ්‍රීපාලි විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගාවලිය සඳහා 1997/1999/2001/2004/2005/2008/2021/2022 ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහභාගි විය.
තරගාවලියේ සමාරම්භක සහ ජය සංකේත ප්රදානය සඳහා ශ්‍රීපාලි විද්‍යාලයේ විදුහල්පතිනි අනුෂා පෙරේරා මහත්මිය, ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මංජුල රණවක මහතා, ලේකම් සුරංගි වීරසිංහ මහත්මිය, 1999 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ නිලධාරීන් ඇතුළු ආරාධිතයෝ රැසක් ද තරගාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන්හ. මෙහිදී සමස්ත තරගාවලියේ හොඳම පන්දු රකින්නිය ලෙස කිශ්මි මදුෂානි (2008), හොඳම පිතිකාරිනිය චන්ද්‍රිකා කුමාරි, හොඳම පන්දු යවන්නිය අමිතා නන්දනී (2004) අවසන් තරගයේ වීරයා යුරේෂා බටගොඩ (2004) තරගාවලියේ වීරයා මල්කි තක්ශ්මිලා (2022) සම්මාන ලැබූහ.