164
කළුතර, මොරොන්තුඩුව සර්වෝදය ශ්‍රමදාන සමිතියේ 43 වැනි සංවත්සරය ඊයේ (11) අති උත්කර්ෂවත්ව පැවැත්විණ.
මෙදින ලබන වසර සඳහා (2025 ) නිලවරණය පැවැති අතර, නව සභාපති වශයෙන් ඉෂාන් ඉඳුනිල් මහතා ද, ලේකම්වරිය ලෙස කමනී පෙරේරා මහත්මිය ද, භාණ්ඩාගාරික තනතුර සඳහා ඒ.එස්. පෙරේරා මහතා ද පත් වූහ. මෙම අවස්ථාවට සර්වෝදය කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක දීපිකා කුමාරි මහත්මිය ද, සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ පානදුර ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මිය ද, නීතිඥ රංජිත් රොද්‍රිගෝ මහතා ඇතුළු සර්වෝදය සාමාජික සාමාජිකාවන් රැසක් ද සහභාගී වූහ.