63
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ටොම් සෝෆා මහතා පසුගියදා (10) මතුගමදී සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවකට එක් විය.
මතුගම, මහගෙදර උත්සව ශාලාවේ පැවැති මෙම හමුවේදී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ පුත් ඉමිතියාස් සෆාර් බාකිර් මාකර් සහ සමගි ජන බලවේගයේ අගලවත්ත සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහත්වරුන් සමඟ මෙරට දේශපාලන තත්ත්වයන් ගැන සාකච්ඡා කෙරිණ.