48
අයගම, වතුකාරගම සමන් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති වයස අවුරුදු 14න් පහළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨ කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී.
මෙම තරගාවලියේ අනුශූරතාව හිමි කර ගනු ලැබුවේ වතුකාරගම සමන් ක්‍රීඩා සමාජය විසිනි. මෙහිදී දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පන්දු යවන්නා හා දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා වශයෙන් පිළිවෙළින් හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ සමිදු ප්‍රභාෂ්, රනුල් චමෝද්‍ය හා චමෝද් උදයංග යන ක්‍රීඩකයෝ සම්මානයට පාත්‍ර වූහ.