Home » සපා කන බල්ලෙක් නිසා පොල්පි­ති­ගම ජන­තාව මර බියේ

සපා කන බල්ලෙක් නිසා පොල්පි­ති­ගම ජන­තාව මර බියේ

by Gayan Abeykoon
September 12, 2024 1:04 am 0 comment

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම

පොල්පි­ති­ගම නග­රයේ සපා කන බල්ලෙකු ගැව­සෙන නිසා ජන­තාව දැඩි භීති­ය­කින් පසු­වෙන බවට තොර­තුරු අනා­ව­ර­ණය වේ. නග­රයේ ප්‍රාදේ­ශීය සභාව, බැංකු, ෆාමසි ඇතුළු ඒ අවට මෙම සුන­ඛයා ගැවෙ­සන බවත්, කොර ගසන හෝ ඇවිද ගැනී­මට නොහැ­කිව කිහි­ලි­කරු ආදිය භාවිත කරන පිරිස් දුටු සැනින් පසු­ප­සින් ගොස් සපා­කෑම් රැසක් සිදු කිරී­මෙන් තුවාල ලැබූ කිහි­ප­දෙ­නෙ­කුම රෝහල් ගත­කර ඇති බව­ටත් පොල්පි­ති­ගම මූලික රෝහලේ සේව­ක­යෙක් පැව­සීය.

අයි­ති­ක­රු­වකු නැති අයාලේ යන මෙම සුන­ඛ­යාට කිසිදු එන්න­තක් පවා ලබා දී නැත. ඒ නිසා සුන­ඛයා මරා දම­න්නට බැරි­නම් වග­කි­ව­යුතු අංශ එක්ව සුන­ඛයා එන්නත් කර­වන්නේ නම් හෝ සපා කෑමෙන් වැළ­ල­ඳෙන ජල­භී­තිකා අව­දා­න­මෙන් මිදෙ­න්නට තුවා­ල­ක­රු­වන්ට හැකි වෙන බවද ජන­තාව පෙන්වා දෙති.

ඒ පිළි­බ­ඳව පොල්පි­ති­ගම පොලි­සිය පව­සන්නේ ද මෙවැ­න්නකි. “ජන­තා­වට පීඩා­වක් ගෙන දෙන ලෙසට නග­රයේ ගැව­සෙන මෙම සුන­ඛයා සම්බ­න්ධව පොලි­සි­යට කිසිදු පිය­ව­රක් ගන්නට බැහැ. නමුත් ඊට අදාළ පශූ වෛද්‍ය ඒක­කය දැනු­ම්වත් කර ඇති නමුත් ඔවුන් ඒ සම්බ­න්ධව මෙතෙක් කිසිදු පිය­ව­රක් ගෙන නැහැ” යනු­වෙනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT