Home » අතු ඉති පල බර වී ලෙළ දෙන හෙළ වෙදක­මට නැති­වම බැරි ‘මී’

අතු ඉති පල බර වී ලෙළ දෙන හෙළ වෙදක­මට නැති­වම බැරි ‘මී’

by Gayan Abeykoon
September 12, 2024 1:02 am 0 comment

තඹු­ත්තේ­ගම විශේෂ - ඩබ්ලිව්. ප්රදීප්
අමු මී ගෙඩි

ගම්මැදි මාර්ග දෙපස වැවුණු හැම මී ගස­කම පාහේ අතු ඉති අග මී ගෙඩි පොකුරු ලෙස දිස්වේ. මේ උදා වී ඇත්තේ මී මල් පිපී මනාව පල හට­ගන්නා කාල­යයි. මී මල් මනා සුග­න්ධ­ය­කින් යුතුවේ. වසරේ ජූලි, අගෝස්තු මාස වන විට මී මල් පිපී පල හට­ගැ­නීම ඇර­ඹෙයි.

අතු පතර පොකුරු ලෙස සැදුණු මී ගෙඩි

අතු පතර පොකුරු ලෙස සැදුණු මී ගෙඩි

 

මී ගස අනා­දි­මත් කාල­යක පටන් මෙරට ජන ජීවි­තය හා බැඳී පව­ති­න්නකි. නුවර කලා­වියේ සහ සත් කෝර­ළයේ සාම්ප්‍ර­දා­යික ගම්මැදි ආශ්‍රි­තව මී ගස්

මග දෙපස සැදුණු විසල් මී ගසක්

මග දෙපස සැදුණු විසල් මී ගසක්

යට වවු­ලන් කා වැටෙන මී ඵල අහු­ලන ලියන්ගේ දසුන මෙක­ලෙහි සුලබ වූවකි. සත් කෝර­ළයේ ගල්ග­මුව, ඇහැ­ටු­වැව ආදී ප්‍රදේ­ශ­වල ද මී ගෙඩි අහු­ලන ලියන් බොහෝ සේ දැක­ගත හැකිවේ. මළ හිරු බැස­යන සැඳෑ­වේත් හිරු පායා එන හිමි­දි­රි­යේත් මේ දසුන මෙක­ලෙහි සුපු­රුදු වූවකි. සතුන්ගේ ආහා­ර­යක් ලෙස පම­ණක් නොව මිනිස් ආහාර පිළි­යෙල කර­ගැ­නී­මට ද මී මල් සහ ගෙඩි භාවිත වේ. සත්කෝ­ර­ළයේ, මීග­ලෑව, කරු­ව­ල­ග­ස්වැව ගම්මා­නයේ ආර්. තිලකා කුමාරි මහ­ත්මිය ද මෙසේ වස­ර­කට වරක් උදා­වන මී මල් වාරෙන් නිසි පල ලබ­න්නි­යකි. වැටෙන මී ගෙඩි අහුලා, වියළා පිරි­සු­දු­වට තෙල් ටිකක් සිඳ ගැනී­මට ඇය වෙහෙ­සෙ­න්නීය. සිය අත්දැ­කීම පිළි­බ­ඳව ඇය පැව­සුවේ මෙවැනි අද­හ­සකි.

“අපි හව­සට තමයි මී ගෙඩි අහු­ලන්නේ. සම­හරු උදේ­ටත් අහු­ල­නවා. අලි එන හින්දා උදේ පාන්දර ගස් යටට එන්න බයයි. මේවා අහු­ලලා හොඳ පද­මට වේළන්න ඕන. ඉස්සර නම් කෙරුවේ වණ්ඩුවේ දාලා තම්බලා, වනේ දාලා කොටලා තෙල් බේර­ගත්ත එක. දැන් නම් ඉතින් හොඳට වේළු­ණාට පස්සේ මෝල­කට දීලා තෙල් ටික හිඳ­ග­න්නවා. අපි මේ තෙල් වෑංජ­න­ව­ලට දානවා. එහෙම දැම්ම­හම හරිම රසයි. ඒ වගේම ගුණයි. අපේ අම්මලා මී මල්ව­ලින් හැලප හදලා තියෙ­නවා. ඇත්තම කිව්වොත් එහෙම කෑම හදන්ඩ දන්න අය දැන් මේ ගම්මැ­දි­ව­ලත් නෑ.”

බොහෝ දෙනෙක් නොදන්නා මුත් මී ගසේ මල් මඟින් කැවුම් හා හැලප සාදන බව සඳ­හන්වේ. මී තෙල් යොදා පිසින ආහාර විවිධ රෝගා­බාධ සඳහා දිව ඔසු­වක් බව පැවසේ. මී තුරු යට දහස් ගණ­නින් වැටෙන මී ගෙඩි අහුලා අව්වේ මනා සේ වියළා වනේ කොටා තෙල් බේරා­ගැ­නීම අතීත සම්ප්‍ර­දාය වී තිබේ. එහෙ­යින්ම මී ගස කපා විනාශ කිරී­මට ඉංග්‍රීසි යටත්විජිත පාල­ක­යන් උත්සු­කව ඇත්තේ මෙරට ස්වයං­පෝ­ෂිත ජීවන සම්ප්‍ර­දාය කඩ­තොළු කර­මිනි. මී පල ඇහි­ඳීම මඟින් වත්ම­නෙහි ගැමි ලියන් ලබන ප්‍රයෝ­ජන පිළි­බ­ඳව ගල්ග­මුව, මීග­ලෑවේ ඩබ්ලිව්.එම්. ප්‍රේමා­වතී මහ­ත්මිය අප හා කරුණු කීවාය.

හෙළ වෙද­කම සඳහා ද, ආයු­ර්වේද වෛද්‍ය ක්‍රමය සඳහා ද මී ගස ප්‍රයෝ­ජ­න­වත් වේ. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන පංචාං­ගය එහිදී ඖෂධ සෑදී­මට යොදා ගැනේ. මී තෙල් වේදනා නාශ­ක­යක් ලෙස මනා සහ­න­යක් සල­සන වග ගැමියෝ අත්දැ­කී­මෙන් දනිති. මී තෙල් පහන නෙතට ප්‍රිය දසු­නකි. සත් කෝර­ළයේ ප්‍රකට ජන­ශ්‍රැති පර්යේ­ෂ­ක­යකු වන සෝම­රත්න උල්ප­ත­ගම මහතා මී ගස හා බැඳුණු ජීවන සම්ප්‍ර­දාය පිළි­බ­ඳව අප හා මෙවැනි කරුණු දැක්වී­මක් කළේය.

මී තෙල් හින්දට පස්සේ ඉතිරි වෙන මීමු­රු­ව­ලින් ගෙව­ල්වල දුම් අල්ලන සිරි­තක් ඒ කාලේ තිබුණා. ඒකෙන් ගෙදර පරි­සරේ තියෙන විෂ­බීජ විනාශ වුණා වගේම ස්වාභා­වි­ක­වම අවට සුව­ඳ­වත් වුණා. මැසි මදු­රු­වන් පාල­නය වුණා. දරු­වකු අලුත ඉප­දු­ණාම මේ විදි­හට ගේ අවට දුම් අල්ලන එක අපේ පැරන්නෝ සිරි­තක් විදි­හට කරපු දෙයක්. මී තෙල් පහන් පත්තු කරපු එකත් හරිම විද්‍යා­ත්ම­කව කරපු දෙයක්. මී පහන් දැල්ල ඇස් දෙකට සනී­පයි. ඒක ඇස්වල දැවිල්ල අඩු කරන්න ලොකු හේතු­වක් වුණා. අපේ වෙද මහ­ත්වරු රක්ත­වාත, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ප­ වෙ­ද­කම, උගුරේ ආබාධ, වාත­රෝග, අතී­සා­රය, මූත්‍රා ආසා­දන එහෙම සුව­පත් කරන්න මී ගසෙන් ලබා­ගත්ත කොටස් පාවිච්චි කෙරුවා”

වියළි මී ඵල

වියළි මී ඵල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT