Home » යතු­රු­පැ­දි­යක් පැහැ­ර‍ගෙන යද්දී යතු­රු­පැ­දි­යක ගැටී රෝහලේ

යතු­රු­පැ­දි­යක් පැහැ­ර‍ගෙන යද්දී යතු­රු­පැ­දි­යක ගැටී රෝහලේ

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි
පැහැ­ර­ගත් යතු­රු­පැ­දිය

ගන්දර ප්‍රදේශයෙන් යතුරුපැදියක් පැහැරගෙන යමින් සිටියදී තවත් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් යතුරුපැදිය පැහැරගත් පුද්ගලයා තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.

වාව්ව ප්‍රදේශයේ පුද්ගලයකු අකුරැස්ස ප්‍රදේශයෙන් ලබාගත් යතුරුපැදියක් ගන්දර ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබියදී, වාව්ව ප්‍රදේශයේ පුද්ගලයා විසින්ම යතුරුපැදිය වෙනත් අයකුට විකිණීමේ මුවාවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇතැයි පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. යතුරුපැදිය මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂා කරන ගමනක් යන බව පවසා යතුරුපැදිය පැහැරගෙන යමින් සිටියදී, පැහැරගත් යතුරුපැදිය ගන්දර පිරවුම්හල අසලදී තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. එම අනතුරෙන් යතුරුපැදිය පැහැරගෙන යමින් සිටි පුද්ගලයාගේ පාදයට බරපතළ තුවාල සිදුව ඇතැයි ගන්දර පොලිසිය පවසයි. තුවාල ලත් පැදිකරු පැහැරගෙන ගිය යතුරුපැදියෙන්ම මාතර මහ රෝහල වෙත ගොස් තවත් පුද්ගලයකුට යතුරුපැදිය අකුරැස්සට රැගෙන යන ලෙසට පවසා ඔහුට භාර දී රෝහල්ගතව ඇති බවත්, රෝහලේදී ඔහුට සැත්කමක් ද සිදු කර ඇති බවත් ගන්දර පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදිය පැහැරගත් තැනැත්තා ඇතුළු ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු හා යතුරුපැදි දෙකක් ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, සිදුවීමට තවත් අයගේ සම්බන්ධයක් තිබේද යන්න සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් හා ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාලින්ද අමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන (68157) කපිල, (65161) ලක්මාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (97857) කුමාරසිංහ, (99330) ඉෂාර, (99344) මධුසංඛ, (103249) සුධීර සහ (103374) තුෂාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT