Home » දින අටෙන් පාපැ­දි­ය­කින් රට වටා යන විශ්‍රා­මික යුද හමුදා සෙබළා ගමන් අර­ඹයි

දින අටෙන් පාපැ­දි­ය­කින් රට වටා යන විශ්‍රා­මික යුද හමුදා සෙබළා ගමන් අර­ඹයි

බිරි­යත්-දිය­ණි­යත් සහ­යට

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

සීගි­රිය විශේෂ

දින අටක් ඇතු­ළත රට වටා පාපැ­දි­යෙන් ගමන් කිරීම ආරම්භ කළ පියකු සහ ඔහුගේ සහ­යට යතු­රු­පැ­දි­යෙන් රට­වටා ගම­න්ක­රන මවක හා දිය­ණි­යක පිළි­බඳ පුව­තක් පෙරේදා (10) උදෑ­සන දඹු­ල්ලෙන් වාර්තා විය.

දඹුල්ල, සිසි­ර­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි යූ.ජී. රංජිත් නමැති 52 හැවි­රිදි යුද හමුදා විශ්‍රා­මි­ක­යකු පාපැ­දි­යෙන් මෙසේ රට වටේම දින අට­කින් ගමන් කිරීම ආරම්භ කර ඇති අතර, ඔහුගේ සහය සඳහා යතු­රු­පැ­දි­ය­කින් සිය බිරිය පුෂ්පා කුමාරී (48) මහ­ත්මිය හා දිය­ණිය තිළිණි මිහි­ඳුම් හංසිකා (24) එක්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි. වසර 28ක කාල­යක් යුද හමුදා සිංහ රෙජි­මේ­න්තුවේ රයි­පල් සෙබ­ළකු ලෙස සේවය කළ රංජිත් මහතා කියා සිටියේ, මීට පෙර ලංකාව පුරා පාපැ­දි­ය­කින් ගමන් කොට වාර්තා­වක් තබා ඇත්තේ දින 12ක පමණ කාල­ය­කින් බවයි. කෙසේ­වෙ­තත් තමන්ගේ එකම බලා­පො­රො­ත්තුව දින අටක් වැනි කෙටි කාල­ය­කින් ලංකාව පුරාම පාපැ­දි­යෙන් ගමන් කිරීම බව ඒ මහතා සඳ­හන් කරයි.

දිය­ණිය වන තිළිණි මිහි­ඳුම් හංසිකා මෙනෙ­විය කියා සිටියේ, තම පියාගේ බලා­පො­රො­ත්තුව ඉටු කිරීම සඳහා පවුලේ සහය ලබා­දෙන බවයි. තමන්ට තවත් සහෝ­ද­ර­යකු සිටින බවත්, ඔහු ද මේ වන­විට යුද හමු­දාවේ සේවය කරන නිසා­වෙන් ඔහුට නිවාඩු අහිමි වීම නිසා තමන් සහ මෑණි­යන් පියාගේ සහ­යෝ­ගය සඳහා මෙම ගම­නට යතු­රු­පැ­දි­යෙන් එක්වන බව ඇය කීවාය. ඒ අනුව මෙම පවුලේ පිරි­සක් දඹුල්ල සිසි­ර­වත්ත බෝධිය අස­ලින් පෙරේදා (10) උදෑ­සන 6.00ට ත්‍රිකු­ණා­ම­ලය බලා පිට­ත්වීම ආරම්භ කර­න්නට විය. ඔවුන් ඊයේ (11) උදෑ­සන ත්‍රිකු­ණා­ම­ල­යෙන් ගමන් ආරම්භ කොට පොතු­විල් හරහා හම්බ­න්තොට, ගාල්ල, මාතර, කොළඹ, හලා­වත, පුත්ත­ලම, මන්නා­රම, මුල­තිව්, යාප­නය හරහා දින අටක් ගත­වන විට නැව­තත් ත්‍රිකු­ණා­ම­ල­යෙන් දඹුල්ල නග­ර­යට පැමි­ණෙන බව යූ.ජී. රංජිත් මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT