Home » බස් රථය ලොරි­යක ගැටී 20ක් රෝහලේ

බස් රථය ලොරි­යක ගැටී 20ක් රෝහලේ

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

කෑගල්ල විශේෂ චමින්ද ජය­ලත් සහ සබ­ර­ග­මුව සමූහ ගාමිණී රම්ය­පාල

කොළඹ – මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ වර­කා­පොළ, දුම්ම­ල­දෙ­ණිය ප්‍රදේ­ශයේ දී බස් රථ­යක් හා ලොරි රථ­යක් ඊයේ (11) අලු­යම එකි­නෙක ගැටී­මෙන් 20දෙනකු තුවාල ලබා වර­කා­පොළ රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි වර­කා­පොළ පොලි­සිය පව­සයි.

කෑගල්ල, තන්නි­මලේ සිට කොළඹ බලා පෞද්ග­ලික බස් රථ­යක් ඊයේ (11) අලු­යම ගමන් කර­මින් තිබුණු බවත්, වර­කා­පොළ පොලිස් වසමේ දුම්ම­ල­දෙ­ණිය ප්‍රදේ­ශ­යේදී ඉදි­රි­යෙන් කොළඹ සිට මහ­නු­වර දක්වා ධාව­නය වෙමින් තිබුණු ලොරි රථ­යක එකි­නෙක ගැටී ඇති බවත් පොලි­සිය කියයි. ලොරි රථයේ රියැ­දු­රු­ව­රයා ඇතුළු බස් රථයේ සිටි මගීන් 20දෙනකු තුවාල ලබා ගිලන් රථ මඟින් වර­කා­පොළ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. බර­ප­තළ තත්ත්වයේ සිටි පුද්ග­ල­යකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා කෑගල්ල මහ රෝහ­ලට මාරු කර යවා ඇති බවත්, සෙසු තුවා­ල­ක­රු­වන් වර­කා­පොළ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන බවත් පොලි­සිය සඳ­හන් කරයි. අන­තුර සම්බ­න්ධ­යෙන් වර­කා­පොළ පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.ඩී.සී. ප්‍රසාද්, රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රංජිත් ප්‍රේම­ලාල් යන නිල­ධා­රින් ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT