“මෙවර ඡන්දදායකයන් අතරින් සියයට පනස් දෙකක් පමණ ඉන්නේ කාන්තාවන්. එම නිසා මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත්වැල් බැඳ ගත යුතුයි” යැයි එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පැවසුවාය.
ඩයගම ප්‍රදේශයේ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා පැවති කාන්තා හමුවක් අමතමින් ඇය මේ බව පැවසූ අතර, එහිදි වැඩිදුරටත් මෙසේ ද කියා සිටියාය.
Òමෙයට අවුරුදු දෙකකට පමණ පෙර මේ රට තුළ ඇති වූ අර්බුද කාලයේදී මේ රටේ කාන්තාවන් විශාල ලෙස අසරණ වුණා. ගෙදර කෑම ටික උයාගන්න ගෑස් ටික, ලාම්පු තෙල් ටික නැති වුණා. තම දරුවන්ට ඉගෙන ගන්න විදුලිය නැති වුණා. තම දරුවන්ට දෙන්න කිරි පිටි ටික නැති වුණා. ඒ විතරක් නොවෙයි ත්‍රිරෝදය එළවන, වෑන් කාර්, ලොරි එළවන තම ස්වාමියා පැය ගණන්, දින ගණන් පෝලිම්වල දුක් විඳින එක ගැන හූල්ල හූල්ල ඉන්න වුණා. එදා එම අර්බුදයේදී අද මේ කෑ ගහන කිසිම කෙනෙක් මේ රට බාර ගන්න හිටියේ නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ මේ රට බාර ගන්න කියන විට අද ඔය රට අපට දෙන්න, අපට දෙන්න කියන අය මේ රට බාර නොගෙන පැනලා ගියා. ඒත් පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රිවරයකු ලෙස හිටිය රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ පැවති අභියෝග බාර ගත්තා. එසේ බාර ගෙන ඉතාමත් කෙටි කාලයක් තුළදී මේ රටට අවශ්‍ය ගෑස් ටික, ඉන්ධන ටික, කිරි පිටි ටික, බෙහෙත් ටික ගෙනල්ලා මේ රටේ ජනතාවට සහන සැලසීමට පියවර ගත්තා. එම පියවරත් එක්ක තමයි මේ රටේ ජනතාවට යම් සැනසුම් සුසුමක් හෙළන්න හැකියාව ලැබුණේ. එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර නොගත්තා නම් මේ රට බංග්ලාදේශයට වඩා අන්ත වෙනවා.”