Home » මාලි­මාවේ ජන බල­යට බය­ වුණු හොරු ටික දැන් එක ගොඩ­කට ගොඩ­වෙලා

මාලි­මාවේ ජන බල­යට බය­ වුණු හොරු ටික දැන් එක ගොඩ­කට ගොඩ­වෙලා

-ජා.ජ.බ. මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම සඳහා සංවි­ධාන කළ ජන­හ­මු­වක් ඉකුත් දා (08) තණ­ම­ල්විල නග­ර­යේදී පැවැ­ත්විණ. මෙම රැලි­යට ජාතික ජන බල­වේ­ගයේ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා සහ­භාගි වූ අතර, ජාතික ජන බල­වේ­ගයේ මොන­රා­ගල දිස්ත්‍රික් සංවි­ධා­යක ආර්.එම්. ජය­ව­ර්ධන මහතා විසින් මෙම රැලිය සංවි­ධාන කර තිබිණ.

එහිදී අද­හස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ පැව­සීය.

Òසජිත් ප්‍රේම­දාස ඇමැ­ති­කම් කරන කාලේ සංස්කෘ­තික අර­මු­ද­ලින් සල්ලි හොර­කම් කළා යැයි චෝදනා කරපු ඩලස් අල­හ­ප්පෙ­රුම ඉන්නේ සජිත්ගේ ගාව. විල්පත්තු කැලේ කැපුවා කියල චෝදනා ලබපු රිෂාඩ් බදි­යු­දීන් ඉන්නේ සජිත් ගාව. කවු­රු­හරි සජිත්ට ඡන්දය දෙන්න ඉන්නවා නම් ඒ අයට මේ කියන්නේ, විල්පත්තු කැලේ කපද්දී කෑග­හපු චම්පික රණ­වක ඉන්නෙත් සජිත් ගාව. කැලේ කපපු හාද­යත් ඉන්නවා. කැලේ කප­න­වට විරුද්ධ වුණ අයත් ඉන්නවා. ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ තිලංග සුම­ති­පාල. තිලංග ඉන්න­කම් ක්‍රිකට් හදන්න බැරිය, තිලංග බුකී­කා­රයා රේස්කා­රයා කියලා චෝදනා කරපු අර්ජුන රණ­තුං­ගත් ඉන්නේ සජිත් ගාව. තිලංග ඉන්නෙත් සජිත් ගාව. දෙන්නම එකට ඉන්නවා. ඕක අරුම පුදුම දෙයක් නෙවෙයි. මාලි­මා­වට විශාල ජන­බ­ල­යක් හැදිලා හොරු පරාද කර­ගෙන ඉදි­රි­යට යන­කොට හොරු ටික බය වෙලා දැන් එක ගොඩ­කට ගොඩ­වෙලා. අරු­න්දික කෑ ගහ­නවා යකෝ ගොඩ­වල් දෙකක ඉන්න එපා එක ගොඩ­කට එන්න කියලා. සජිත් මහ­ත්තයා කෑග­හ­නවා හොරු අල්ල­නවා කියලා. හොර­කම නතර කරන්න හොර­කම් අල්ලන්න ඒ අයට පුළු­වන්ද? ඒ ගොල්ලන් එකතු වෙලා තියෙන්නේ රට කාපු, රට විනාශ කරපු කණ්ඩා­යම් එක්ක. අපි ඡන්දෙ දුන්නේ අහ­වල් පක්ෂ­යට කියලා ආඩ­ම්බ­ර­යෙන් කියන්න පුළු­වන් පක්ෂය ජාතික ජන බල­වේ­ගය මාලි­මා­වයි. අපි මාලි­මාවේ ආණ්ඩු­වක් හදන්න ඕන ඇයි? අපි එකතු වෙලා තන­තුරු බෙදා ගන්නද? නැහැ. මහ­ජන ධනය හොරා කන්නේ නැති පාල­න­යක් හදන්න. ඒක හදන්න රනිල්ට, සජිත්ට බැහැ. හොරු ටික වටේ ඉන්නේ. අපි ගාව කවු­රුත් නෑ වංචා, දූෂණ, හොර­කම් කළ. අපි ගොඩක් කල් දේශ­පා­ල­නය කරලා තියෙ­නවා. සත පහ­ක්වත් හොර­කම් කරලා නැහැ. අපට තන­තුරු වර­ප්‍ර­සාද එපා. අපට ඕන මේ රට, ආර්ථි­කය හදලා, අපේ දරුවෝ ඉගෙ­න­ගෙන රස්සා­වක් කරලා සතු­ටින් ඉන්න එකයි. ඔවුන් සන්තෝ­සෙන් ජීවත් වෙන එකයි. ඒක දැකලා මැරෙන එක අපට සැපයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT