ජනාධිපති අපේක්ෂකයන් වැඩි දෙනකු සුරංගනා කතා කියමින් ලොකුවට පොරොන්දු ලබා දෙන නමුත් රටට වැඩක් කරන්න පුළුවන් බව පෙන්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස තිහාරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී එසේ සඳහන් කළ රුවන් විජයවර්ධන මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
“මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටියත් රටට සේවයක් කරපු, මේ රටේ ආර්ථිකය ගොඩනඟා අප සියලු දෙනාටම ජීවත්වන්නට සුදුසු වාතාවරණයක් හදපු රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ට ජයග්‍රහණයකින් යළිත් මේ රටේ ජනාධිපති ධුරයට පත් කර ගත යුතුයි. එතුමා පමණයි වැඩක් කර පෙන්වා දී තිබෙන්නේ. අනෙක් අපේක්ෂකයන් ලොකුවට සුරංගනා කතා කියනවා. ලොකුවට පොරොන්දු දෙනවා. නමුත් රටේ ජනතාවට වැඩක් කරල පෙන්වූ කෙනකුට ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි. අවුරුදු දෙක හමාරකට පෙර මේ රට තිබූ ආකාරය ඔබ සැවොම දන්නවා. මෙහි සිටින මුස්ලිම් ජනතාව ඒ කාලෙ ගොඩක් දුක් වින්දා. මේ අයගෙ ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයකට පත්ව තිබුණා. මිනිස්සු ජීවත් වුණේ පෝලිම්වල. කන්න බොන්න තිබුණේ නැහැ. ගෙදරට විදුලිය තිබුණේ නැහැ. රෝහලකට ගියාම බෙහෙත් තිබුණේ නැහැ. එවැනි අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය ඉදිරිපත් වෙලා අගමැතිවරයා විදියට එදා මේ අභියෝගය බාර ගෙන රට යහපත් පැත්තට හැරෙව්වේ. එතුමාගේ දැනුම නිසා සහ ජාත්‍යන්තර වශයෙන් නායකයන් සමඟ ඇති සම්බන්ධතා නිසා හැකි වුණා ඉතාමත් ඉක්මනින් රට බංකොළොත් බවින් මුදා ගැනීමට. මිනිස්සුන්ට ජීවත්වෙන්න, අවශ්‍ය විදියට කන්න බොන්න, ඒ වාගේම ගෑස් ටික, ඉන්ධන ටික, බෙහෙත් සියල්ලක්ම ආපසු ලබා දීම සිදු කළේ රනිල් මහත්තයා. රට පැවති තත්ත්වයෙන් මුදවා දුන්න නිසා තමයි ඔහු මේ රටට යළිත් අවශ්‍ය වෙන්නෙ. ඉදිරි වසර පහකට රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට අවශ්‍යයි. රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න මොහුගේ නායකත්වය අවශ්‍ය වෙනවා. ඔය කතා කරන කයිය නායකයන් ඇවිල්ල සුරංගනා කතා කිව්වට ඇත්තෙන්ම වැඩක් කරන්නට බැහැ. එයාලට රටක් පාලනය කරලා පුරුද්දක් නැහැ. රටේ ආර්ථිකය ගැන සැලැස්මක් ඇත්තේ නැහැ. ඒ නිසා රටට වැඩක් කරල පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහත්තය ජයග්‍රහණය කරවීමට පියවර ගනිමු.”