Home » කළ හැකි බව පෙන්වා ඇත්තේ රනිල් විත­රයි: ඉදිරි වසර පහ­ටත් ඔහු ඕනෑ
කයිය නාය­කයො බොරු පොරොන්දු දී සුරං­ගනා කතා කිය­නවා

කළ හැකි බව පෙන්වා ඇත්තේ රනිල් විත­රයි: ඉදිරි වසර පහ­ටත් ඔහු ඕනෑ

ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක රුවන් විජ­ය­ව­ර්ධන

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

ගම්පහ අති­රේක

ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් වැඩි දෙනකු සුරං­ගනා කතා කිය­මින් ලොකු­වට පොරොන්දු ලබා දෙන නමුත් රටට වැඩක් කරන්න පුළු­වන් බව පෙන්වා ඇත්තේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා පම­ණක් බව ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක රුවන් විජ­ය­ව­ර්ධන මහතා පැව­සීය.

ස්වාධීන ජනා­ධි­පති අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම පිණිස තිහා­රිය ප්‍රදේ­ශයේ පැවති ජන­හ­මු­ව­කදී එසේ සඳ­හන් කළ රුවන් විජ­ය­ව­ර්ධන මහතා තව­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මෙසේද කීය.

“මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යන් විශාල පිරි­සක් ඉදි­රි­පත්ව සිටි­යත් රටට සේව­යක් කරපු, මේ රටේ ආර්ථි­කය ගොඩ­නඟා අප සියලු දෙනා­ටම ජීව­ත්ව­න්නට සුදුසු වාතා­ව­ර­ණ­යක් හදපු රනිල් වික්‍ර­ම­සිංහ මහතා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­ය­කින් යළිත් මේ රටේ ජනා­ධි­පති ධුර­යට පත් කර ගත යුතුයි. එතුමා පම­ණයි වැඩක් කර පෙන්වා දී තිබෙන්නේ. අනෙක් අපේ­ක්ෂ­ක­යන් ලොකු­වට සුරං­ගනා කතා කිය­නවා. ලොකු­වට පොරොන්දු දෙනවා. නමුත් රටේ ජන­තා­වට වැඩක් කරල පෙන්වූ කෙන­කුට ඉන්නෙ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය විත­රයි. අවු­රුදු දෙක හමා­ර­කට පෙර මේ රට තිබූ ආකා­රය ඔබ සැවොම දන්නවා. මෙහි සිටින මුස්ලිම් ජන­තාව ඒ කාලෙ ගොඩක් දුක් වින්දා. මේ අයගෙ ව්‍යාපාර කර­ගෙන යන්න බැරි තත්ත්ව­ය­කට පත්ව තිබුණා. මිනිස්සු ජීවත් වුණේ පෝලි­ම්වල. කන්න බොන්න තිබුණේ නැහැ. ගෙද­රට විදු­ලිය තිබුණේ නැහැ. රෝහ­ල­කට ගියාම බෙහෙත් තිබුණේ නැහැ. එවැනි අව­ස්ථා­වක තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය ඉදි­රි­පත් වෙලා අග­මැ­ති­ව­රයා විදි­යට එදා මේ අභි­යෝ­ගය බාර ගෙන රට යහ­පත් පැත්තට හැරෙව්වේ. එතු­මාගේ දැනුම නිසා සහ ජාත්‍ය­න්තර වශ­යෙන් නාය­ක­යන් සමඟ ඇති සම්බ­න්ධතා නිසා හැකි වුණා ඉතා­මත් ඉක්ම­නින් රට බංකො­ළොත් බවින් මුදා ගැනී­මට. මිනි­ස්සුන්ට ජීව­ත්වෙන්න, අවශ්‍ය විදි­යට කන්න බොන්න, ඒ වාගේම ගෑස් ටික, ඉන්ධන ටික, බෙහෙත් සිය­ල්ලක්ම ආපසු ලබා දීම සිදු කළේ රනිල් මහ­ත්තයා. රට පැවති තත්ත්ව­යෙන් මුදවා දුන්න නිසා තමයි ඔහු මේ රටට යළිත් අවශ්‍ය වෙන්නෙ. ඉදිරි වසර පහ­කට රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටට අව­ශ්‍යයි. රටේ ආර්ථි­කය ශක්ති­මත් වෙන්න මොහුගේ නාය­ක­ත්වය අවශ්‍ය වෙනවා. ඔය කතා කරන කයිය නාය­ක­යන් ඇවිල්ල සුරං­ගනා කතා කිව්වට ඇත්තෙන්ම වැඩක් කර­න්නට බැහැ. එයා­ලට රටක් පාල­නය කරලා පුරු­ද්දක් නැහැ. රටේ ආර්ථි­කය ගැන සැලැ­ස්මක් ඇත්තේ නැහැ. ඒ නිසා රටට වැඩක් කරල පෙන්වූ රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය ජය­ග්‍ර­හ­ණය කර­වී­මට පිය­වර ගනිමු.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT