ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කර, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර, රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂ 20කට රැකියා ලබා දීමේ වගකීම තමා භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
තරුණ තරුණියන්ගේ රැකියා අවශ්‍යතාවය තමා බලයට පත්ව වසර 10ක් ගත වන්න පෙර ඉටු කරන බව ද ඒ මහතා සඳහන් කළේය. නාමල් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ගිරිතලේ විදුහල ආසන්නයේ හිටපු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ කාර්යාලය භූමියේ පැවැති ප්රචාරක රැලියට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
Óරජයේ සේවකයන්ගේ වගේම පෞද්ගලික ආයතනවලත් වැටුප් වැඩි කරන්න අවශ්‍යයි. මාස 6න් 6ට පඩි වැඩි කරන්න බෑ. ඒ සඳහා සැලසුම් කර රටේ ආර්ථිකය වැටෙන්න ඉඩ නොදී ක්‍රමවත්ව කරන්න ඕනෑ දෙයක්. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, ගොවි ජනතාවට සහන සලස්වන වැඩපිළිවෙළක් අප ළඟ තිබෙනවා. ගොවිතැන් සඳහා සහනාධාර වැඩපිළිවෙළ යටතේ වගාවන් සඳහා පොහොර ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් සැලසුම් කර තිබෙනවා. මේ රටට ආයෝජකයන් ගේන්න, ඒ ආයෝජකයන්ට සහන දෙන්න ඕන. ඔවුන්ට අපේ රටේ ආයෝජන කටයුතු කරන්න පරිසරය අප හදා දිය යුතුයි. ඒ සඳහා නූතන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මෙම ජනාධිපති මැතිවරණයේදී නම
හොයන්න එපා. නම සොයා කරදර නොවී පොහොට්ටුව ඉදිරියේ කතිතරය ගසා සහයෝගය දෙන්න.Ó