Home » මම දිනූ පසු ඒ වග­කීම භාර ගන්නවා
මාස 6න් 6ට පඩි වැඩි කරන්න බෑ: ඒකට ක්‍රම­වේ­ද­යක් තියෙ­නවා

මම දිනූ පසු ඒ වග­කීම භාර ගන්නවා

ජනා­ධි­පති අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

ඇල­හැර - සරත් වෙල­ගෙ­දර

ජනා­ධි­පති මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කර, රජයේ සේව­ක­යන්ගේ වැටුප් වැඩි කර, රැකියා විර­හිත තරුණ තරු­ණි­යන් ලක්ෂ 20කට රැකියා ලබා දීමේ වග­කීම තමා භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

තරුණ තරු­ණි­යන්ගේ රැකියා අව­ශ්‍ය­තා­වය තමා බල­යට පත්ව වසර 10ක් ගත වන්න ⁣පෙර ඉටු කරන බව ද ඒ මහතා සඳ­හන් කළේය. නාමල් රාජ­පක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) පොලො­න්න­රුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනි­මින් ගිරි­තලේ විදු­හල ආස­න්නයේ හිටපු මාර්ග සංව­ර්ධන රාජ්‍ය අමාත්‍ය සිරි­පාල ගම්ලත් මහ­තාගේ කාර්යා­ලය භූමියේ පැවැති ප්‍රචා­රක රැලි­යට එක්වෙ­මිනි.

එහිදී ඔහු වැඩි­දු­ර­ටත් මෙසේද කීය.

⁣Óරජයේ සේව­ක­යන්ගේ වගේම පෞද්ග­ලික ආය­ත­න­ව­ලත් වැටුප් වැඩි කරන්න අව­ශ්‍යයි. මාස 6න් 6ට පඩි වැඩි කරන්න බෑ. ඒ සඳහා සැල­සුම් කර රටේ ආර්ථි­කය වැටෙන්න ඉඩ නොදී ක්‍රම­වත්ව කරන්න ඕනෑ දෙයක්. ඒ වගේම ග්‍රාමීය ආර්ථි­කය නංවා­ලීම, ගොවි  ජන­තා­වට සහන සල­ස්වන වැඩ­පි­ළි­වෙ­ළක් අප ළඟ තිබෙ­නවා. ගොවි­තැන් සඳහා සහ­නා­ධාර වැඩ­පි­ළි­වෙළ යටතේ වගා­වන් සඳහා පොහොර ලබා දීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් සැල­සුම් කර තිබෙ­නවා. මේ රටට ආයෝ­ජ­ක­යන් ගේන්න, ඒ ආයෝ­ජ­ක­යන්ට සහන දෙන්න ඕන. ඔවුන්ට අපේ රටේ ආයෝ­ජන කට­යුතු කරන්න පරි­ස­රය අප හදා දිය යුතුයි. ඒ සඳහා නූතන වැඩ­පි­ළි­වෙ­ළක් අප සකස් කළ යුතුයි. මෙම ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදී නම

හොයන්න එපා. නම සොයා කර­දර නොවී පොහො­ට්ටුව ඉදි­රියේ කති­ත­රය ගසා සහ­යෝ­ගය දෙන්න.Ó

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT