මෙවර 2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබා රිදි පදක්කමක් ජයග්‍රහණය කල බලලත් නිලධාරී II සමිත දුලාන් හට තම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙතින් ඔහුව ඇගයිමේ උත්සවයක් පැවැත්වුණි.
පොල්හේන්ගොඩ පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම උත්සවය අද(12) පවත්වන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නජීව එදිරිසිංහ සහ එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් රිදී පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු, ඔහුගේ බිරිඳ සහ ඔහුගේ ක්‍රීඩා පුහුණුකරුව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
රිදීපදක්කම්ලාභි සමිත දුලාන් සම්ප්‍රදායික සංස්කෘතික නැටුම් කණ්ඩායමක් පෙරටුකර ගනිමින් උත්සවශ්‍රීයෙන් රැස්වීම් ප්‍රදේශයට කැඳවාගෙන යන ලද අතර එහිදී ඔහු විසින් මින් පෙර ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණයන් පිළිබඳ වාර්තාමය වීඩියෝවක් ද ප්‍රදර්ශනය කළේය.
ඔහුගේ ජයග්‍රහණය අගයමින් කර්නල් සේනාවිධායක විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙනුවෙන් විශේෂ ඇගයීම් සංකේතයක්ද පිරිනමන ලදී.