Saturday, April 19, 2025
Home » ජනපති සමාව යටතේ අද පිටව ගිය සිරකරුවන්

ජනපති සමාව යටතේ අද පිටව ගිය සිරකරුවන්

by chanaka
September 12, 2024 2:54 pm 0 comment

සිරකරු දිනය නිමිත්තෙන් ලබාදුන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ අද( 12) දින සිරකරුවෝ 362 දෙනකු නිදහස ලබා පිටව ගියහ. මේ අතරින් සිව් දෙනකු කාන්තාවන්ය.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්හට මෙම නිදහස පිරිනැමේ. ඒ අනුව බන්ධනාගාරගතව සිර දඩුවම් විඳිමින් සිරකරුවන් ගත කරන ලද වසරකට සති 01 ක සමාවක් සහ දඩ මුදල් නොගෙවීම නිසා සිරදඩුවම් විඳින කාලය අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලබයි.

මේ යටතේ වැඩිම සිරකරුවන් පිරිසක් නිදහස ලබා පිටව ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 46කි.

මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 32ක්ද ,කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් 29ක්ද ,අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 29ක්ද ,වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 28ක්ද වශයෙන් බන්ධනාගාර 29 කින් මෙම සිරකරුවන් නිදහස ලබා පිටව ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා කීය.

බුද්ධිකා ඉඹුලාන

ඡායාරූපය- තිලක් පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT