විද්‍යා පීඨ ශික්ෂණලාභීන් බඳවා ගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන 10ක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
විද්‍යා පීඨ ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව ඊයේ (11) පැවසුවේය. ශික්ෂණලාභීන් බඳවා ගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටි කලක් තුළ එම බඳවා ගැනීම් කාර්යක්ෂමව සිදු කළ හැකි වූ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ‘ඉන්ෆොමැටික් තාක්ෂණික ආයතනය (Informatics Institute of Technology) අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිතව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා ඇත. අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ විද්‍යා පීඨ 19ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය.
ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල්ව කෙටුම්පත ලැබුණු පසුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.