Home » විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් ඩොලර් මිලි­යන 577.5ක් පසු­ගිය අගෝ­ස්තුවේ නීත්‍ය­නු­කූලව මෙර­ටට එවා තිබෙ­නවා

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් ඩොලර් මිලි­යන 577.5ක් පසු­ගිය අගෝ­ස්තුවේ නීත්‍ය­නු­කූලව මෙර­ටට එවා තිබෙ­නවා

විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය

by Gayan Abeykoon
September 12, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් පසු­ගිය අගෝස්තු මාස­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 577.5ක් නීත්‍ය­නු­කූ­ලව බැංකු ක්‍රමය ඔස්සේ මෙර­ටට එවා ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය පව­සයි.

පසු­ගිය වසරේ අගෝස්තු මාසය සමඟ සංස­න්ද­නය කරන විට මේ වසරේ අගෝස්තු මාස­යේදී මෙර­ටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමා­ණය සිය­යට 11කින් ඉහළ ගොස් තිබේ.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා රට භාර­ගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, මනූෂ නානා­ය­ක්කාර මහ­තාට ලබා­දුන් දිනයේ සිට විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් එවා ඇති මුදල් ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 13.016 කි.

මේ වසර තුළදී පම­ණක් විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් ඩොලර් මිලි­යන 4288ක මුද­ලක් මෙර­ටට එවා ඇත.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි­පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍ය­වශ්‍ය භාණ්ඩ ආන­ය­නය කිරීම සඳහා මාස­ය­කට ඩොලර් මිලි­යන 500ක් නීත්‍ය­නු­කූල ක්‍රමය ඔස්සේ රටට ලබා­දෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේ­ශ­ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් යහ­පත් ප්‍රති­චාර හිමිව තිබුණි. පසු­ගිය වසරේ මාර්තු මාසයේ සිට විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමා­ණය ඩොලර් මිලි­යන 500 සීමාව ඉක්මවූ අතර පසු­ගිය මාස හතක කාලය පුරා අඛ­ණ්ඩව ඩොලර් මිලි­යන 500 සීමාව ඉක්මවා යෑමට හැකි­යාව ලැබී තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT