Home » යුද හමු­දාවෙන් නිවෙ­ස් තිළිණයක්

යුද හමු­දාවෙන් නිවෙ­ස් තිළිණයක්

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

දිගා­ම­ඬුල්ල විශේෂ - වසන්ත චන්ද්ර­පාල

එක­ළොස් වැනි ශ්‍රී ලංකා ජාතික ආර­ක්‍ෂක බළ­මු­ළුවේ භට පිරිස් විසින් අම්පාර මඩ­ව­ල­ලන්ද ප්‍රදේ­ශයේ අව­ශ්‍යතා ඇති පවු­ලක් සඳහා නව නිව­සක් ඉදි­ක­රනු ලැබීය.  මෙම ව්‍යාපෘ­තිය 24 වන පාබළ සේනාං­කයේ සේනාං­කා­ධි­පති මේජර් ජෙන­රාල් අනිල් පෙරේරා මහ­තාගේ මඟ­පෙ­න්වීම යටතේ සිදු කරනු ලැබීය.  241 පාබළ බළ­සේ­නාවේ ආඥා­පති බ්‍රිගේ­ඩි­යර් දනික පති­රත්න සහ11 වැනි ශ්‍රී ලංකා ජාතික ආර­ක්‍ෂක බළ­මු­ළුවේ අණ­දෙන නිල­ධාරි මේජර් එච්.පී.සී. හෙට්ටි­ආ­ර­ච්චිගේ අධී­ක්ෂ­ණය යටතේ මෙම කාර්ය සිදු­ක­රන ලදි. මෙම අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමු­දාවේ නැඟෙ­න­හිර ආඥා­පති මේජර් ජෙන­රාල් එස්.ඒ. කුල­තුංග මහතා සහ­භාගි විය. එහිදී නව නිවසේ යතුර ගෙහි­මි­යාට භාර දීම මේජර් ජෙන­රාල් එස්.ඒ. කුල­තුංග මහතා විසින් සිදු කරනු ලැබීය.

එදින 241 පාබළ බළ­සේ­නාව විසින් දමන ප්‍රදේ­ශයේ අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල ගැබිනි මවු­ව­රුන් 32 දෙනෙකු සඳහා අත්‍ය­වශ්‍ය බඩු භාණ්ඩ­ව­ලින් සපිරි පාර්සල් බෙදා­දීම සිදු කරන ලද අතර, මේ සඳහා හේමාස් (HEMAS) සමා­ගම විසින් අනු­ග්‍රා­හ­ක­ත්වය දක්වන ලදි. අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල ගැබිනි මවු­ව­රුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි අර­මුණ විය.

මෙම උත්ස­වය සඳහා ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින්, නිල­ධා­රින්, සෙසු නිල­යන් ඇතුළු ප්‍රදේ­ශ­වා­සීහු සහ­භාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT