එකළොස් වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය 24 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කරනු ලැබීය. 241 පාබළ බළසේනාවේ ආඥාපති බ්‍රිගේඩියර් දනික පතිරත්න සහ11 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ මෙම කාර්ය සිදුකරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඒ. කුලතුංග මහතා සහභාගි විය. එහිදී නව නිවසේ යතුර ගෙහිමියාට භාර දීම මේජර් ජෙනරාල් එස්.ඒ. කුලතුංග මහතා විසින් සිදු කරනු ලැබීය.
එදින 241 පාබළ බළසේනාව විසින් දමන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මවුවරුන් 32 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය බඩු භාණ්ඩවලින් සපිරි පාර්සල් බෙදාදීම සිදු කරන ලද අතර, මේ සඳහා හේමාස් (HEMAS) සමාගම විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදි. අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි අරමුණ විය.
මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගි වූහ.