Home » සතියේ දින තුන­කට සීමා වූ ඉන්දි­යා කන්ක­ස­න්තුරේ නැව් සේවාව දින හත­රකට වැඩි කරයි

සතියේ දින තුන­කට සීමා වූ ඉන්දි­යා කන්ක­ස­න්තුරේ නැව් සේවාව දින හත­රකට වැඩි කරයි

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

සතියේ දින තුන­කට පම­ණක් සීමා වී තිබූ ඉන්දි­යාව හා කන්ක­ස­න්තුරේ අතර මගී ප්‍රවා­හන නැව් සේවාව මේ මස 21 වැනිදා සිට දින හත­රක් දක්වා දීර්ඝ කිරී­මට ශිව­ගංගී නැව් සමා­ගම ඊයේ (10) තීර­ණය කොට තිබේ.

මෙම නැව් සේවය දෙවන අදි­ය­රය යටතේ ආරම්හ කිරී­මෙන් පසුව මෙතෙක් කල් සතියේ අඟ­හ­රු­වාදා, බ්‍රහ­ස්ප­තින්දා සහ ඉරිදා දින­ය­න්හිදී පම­ණක් ක්‍රියා­ත්මක වූ අතර මේ වන විට විශාල මගීන් පිරි­සක් ඉන්දි­යාව හා කන්ක­ස­න්තුරේ අතර ගමන් ගන්නා නිසා අති­රේක දින­යක් වශ­යෙන් සෙන­සු­රාදා දින­යද නැව් ගමන් වාර සඳහා එකතු කොට තිබේ.

නව සේවා­වන් ආරම්භ වීමත් සම­ඟම මේ මස 21 වැනිදා සිට නැව් ගම­නා­ග­ම­නයේ කාල­ස­ට­හ­නද වෙනස් වී ඇති අතර නාග­ප­ට්නම් සිට පෙර­වරු 8.00ට ගමන් අර­ඹන නැව යළි කන්ක­ස­න්තුරේ සිට පස්වරු 2.00 ට පිටත් වන බව ශිව­ගංගී නැව් සමා­ගම පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT