Sunday, April 20, 2025
Home » බෞද්ධ දර්ශ­නය ජීවි­ත­යට ළඟා කර ගැනීමේ අර­මු­ණින් ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­මක් දිඹු­ලා­ගල වන අර­ණට

බෞද්ධ දර්ශ­නය ජීවි­ත­යට ළඟා කර ගැනීමේ අර­මු­ණින් ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­මක් දිඹු­ලා­ගල වන අර­ණට

by Gayan Abeykoon
September 12, 2024 1:04 am 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ
ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යන්ට දිඹු­ලා­ගල නාහි­මි­යන් පිරිත් නූල් ගැට­ගසා ආශී­ර්වාද ලබා­දුන් අයුරු.

වන­වා­සීව ගත කර­මින් බෞද්ධ දර්ශ­නය පිළි­බඳ අව­බෝ­ධ­යක් ලබා­ගෙන ආධ්‍යා­ත්මික හා නිද­හස් ආග­මික ජීවි­ත­යක් ගත කිරීමේ අර­මු­ණින් ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­ය­මක් පසුගියදා (09) ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­න­යට පැමිණ එහි ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති දිඹු­ලා­ගල රාහු­ලා­ලං­කාර නාහි­මි­යන් බැහැ­ද­කි­මින් ඒ පිළි­බඳ සාක­ච්ඡා­වක නිරත වූහ.

ඔස්ට්‍රේ­ලි­යාවේ විවිධ ප්‍රදේ­ශ­වල පදිංචි 25ක පමණ විවිධ වෘත්තීය රැකි­යා­වල නිර­ත­වන කණ්ඩා­ය­මක් මෙර­ටට පැමිණ ඇති අතර, ඔවුන් අනු­රා­ධ­පු­රය, පොලො­න්න­රුව ඇතුළු ආරණ්‍ය සේනා­ස­න­වල වැඩ වාසය කරන ස්වාමීන් වහ­න්සේ­ලා­ගෙන් බෞද්ධ දර්ශ­නය, බුදු දහම පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් සහ භාව­නා­යෝ­ගීව ජීවිත ගත කිරී­මට අව­බෝ­ධ­යක් ළඟා කර ගැනීම මෙම වැඩ­ස­ට­හනේ අර­මු­ණයි.

විවිධ ආගම් අද­හන පිරිස් මෙම කණ්ඩා­යමේ සිටිය ද ඇතැ­මුන්ට නිශ්චිත ආග­මක් නොමැති හෙයින් බෞද්ධ දර්ශ­නයේ ඇති වැද­ග­ත්කම හා බෞද්ධ දර්ශ­නය ජීවි­ත­යට ඇතු­ළත් කර­ග­නි­මින් ඒ ඔස්සේ නිව­න්මග අව­බෝධ කර­ගැ­නී­මට හැකි­යා­වක් ඇද්ද යන්න තමන් ඉදි­රියේ දී ශ්‍රී ලංකාවේ සංචා­රය කර­මින් ඒ පිළි­බඳ අධ්‍ය­ය­න­යක් සිදු කරන බවද දිඹු­ලා­ගල රාහු­ලා­ලං­කාර නාහි­මි­යන් සමඟ සාකච්ඡා කර­මින් එම පිරිස සඳ­හන් කළහ.

ගොඩ­නැ­ඟිලි සහ කොන්ක්‍රීට් වනා­න්ත­ර­යක ජීවත් වන තමන් දැඩි මාන­සික ආත­ති­යෙන් පෙළෙන බවත්, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේ­ශ­වල භික්‍ෂූන් වහ­න්සේලා මෙන්ම සාම­ණේර හිමි­ව­රුන් වන­වා­සීව ජීවිත ගත කිරී­මෙන් බුදු දහම උන්ව­හ­න්සේ­ලාගේ ජීවි­ත­ව­ලට ළඟා කර නිවන අව­බෝධ කිරී­මට දැඩි වෙහෙ­සක් දරන බවත්, තමන් ද එවැනි ජීවිත ගත කිරී­මට දැඩි වුව­ම­නා­වක් හා ඇල්මක් දක්වන නිසා ඒ පිළි­බඳ සොයා බැලී­මට ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­න­යට පැමිණි බවද දිඹු­ලා­ගල නාහි­මි­යන් සමඟ සුහඳ කතා­බ­හක නිරත වෙමින් ඔස්ට්‍රේ­ලි­යානු ජාති­කයෝ සඳ­හන් කළහ.

ශ්‍රී ලංකාවේ සුන්ද­ර­ත්වය සහ වටි­නා­කම් පිළි­බ­ඳ­වත්, බෞද්ධ දර්ශ­නය පිළි­බ­ඳ­වත් මනා අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­මට මෙර­ටට පැමිණි ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යන්ට අවශ්‍ය පහ­සු­කම් ලබා දීමේ දී ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නයේ විශාල අඩු­පා­ඩු­කම් රැසක් පව­තින බවත්, ඒවා සංව­ර්ධ­නය කරන්නේ නම් දෙස් විදෙස් සංචා­ර­ක­යන්ට මෙන්ම පැමිණි ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යන්ට ඔවුන්ගේ අව­ශ්‍ය­තා­වන් ඉටු­කර ගැනී­මට අව­ස්ථාව ලබා­දිය හැකි බව මෙහිදී අද­හස් දක්ව­මින් ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති දිඹු­ලා­ගල රාහු­ලා­ලං­කාර නාහි­මියෝ සඳ­හන් කළහ.

ඔස්ට්‍රේ­ලි­යානු ජාති­ක­යන් වන­වාසී ජීවි­ත­යක් ගත කිරී­ම­ටත්, බෞද්ධ දර්ශ­නය පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් ලබා­ගැ­නී­ම­ටත්, හොඳම තෝතැ­න්නක් බවට ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නය සුදුසු ස්ථාන­යක් බවත් එම ස්ථානය සංව­ර්ධ­නය කර­මින් දෙස් විදෙස් සංචා­ර­ක­යන්ට අවශ්‍ය පහ­සු­කම් ලබා­දී­මට කට­යුතු කරන්නේ නම් මෙර­ටට විදේශ විනි­මය මෙන්ම ඩොලර් ප්‍රමා­ණ­යක් ලබා­ගත හැකි බවද දිඹු­ලා­ගල නාහි­මි­යන් මෙහිදී කරුණු දක්ව­මින් සඳ­හන් කළහ.

ඓති­හා­සික දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­ස­නයේ කඳු­මු­දු­නින් මෑත­කදී හමුවූ විශා­ල­තම සෙල්ලි­පිය නැර­ඹී­මට අවශ්‍ය පහ­සු­කම් සහ එම ස්ථානය සංර­ක්‍ෂ­ණය කරන්නේ නම් ඔස්ට්‍රේ­ලි­යා­වෙන් පම­ණක් නොව විදේ­ශීය රට­ව­ලින් සංචා­ර­ක­යින් මෙර­ටට පැමි­ණෙන බවත්, ඒ හරහා ප්‍රදේ­ශයේ රැකියා අවස්ථා මෙන්ම ඔවු­න්ගෙන් මෙර­ටට විශාල වශ­යෙන් ඩොලර් උපයා ගනි­මින් සංචා­රක ව්‍යාපා­රය දියුණු කර­ගත හැකි බවද නාහි­මියෝ මෙහිදී වැඩි­දු­ර­ටත් පැව­සූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT