Saturday, April 19, 2025
Home » කුරා­කු­හුඹු මිනි­සාගේ ජීවි­තයේ හර­ස්කඩ සෙන­සු­රාදා ජන­ගත වේ

කුරා­කු­හුඹු මිනි­සාගේ ජීවි­තයේ හර­ස්කඩ සෙන­සු­රාදා ජන­ගත වේ

by Gayan Abeykoon
September 12, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ප්‍රවීණ ලේඛක ජයන්ත විජේ­සිංහ මහතා විසින් රචිත “කුරා­කු­හුඹු මිනි­සාගේ ජීවි­තයේ හර­ස්කඩ” ග්‍රන්ථය, වත්තල සාන්ත අන්තෝනි මහ විදු­හල් ශ්‍රව­ණා­ගා­ර­යේදී සෙන­සු­රාදා (14) එළි­දැ­ක්වී­මට නිය­මි­තය.

ලේඛ­ක­යකු මෙන්ම පිරිස් පරි­පා­ල­ක­ව­ර­යකු හා කළ­ම­නා­කා­ර­ව­ර­යකු වන ජයන්ත විජේ­සිංහ මහතා තම ජීවි­තයේ අත්විඳි සිද්ධි සහ චරිත පිළි­බඳ කතා පෙළක් ලෙස මේ ග්‍රන්ථය රචනා කර තිබෙන අතර, එය සතුට, දුක, ආද­රය වැනි පොදු මානු­ෂීය ගුණාං­ග­ව­ලින් සම­න්විත වෙයි. මේ කෘතිය එළි­දැ­ක්වීමේ උත්ස­වය කැලණි කේබල්ස් සමා­ගමේ හිටපු කළ­ම­නා­කාර අධ්‍යක්ෂ හා ෆැබ් ෆූඩ්ස් කළ­ම­නා­කාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන අතර, කොළඹ විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය නලින් අබේ­සේ­කර, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­ය­නාං­ශයේ මහා­චාර්ය සරත් විජේ­සූ­රිය, කලා­කරු ජයන්ත චන්ද්‍ර­සිරි මහ­ත්වරු දේශන පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT