Home » තිස්ස අත්ත­නා­ය­ක­ගෙන් මිලි­යන 100ක වන්දි­යක් ඉල්ලා හරි­නිගෙන් අප­හාස නඩු­වක්

තිස්ස අත්ත­නා­ය­ක­ගෙන් මිලි­යන 100ක වන්දි­යක් ඉල්ලා හරි­නිගෙන් අප­හාස නඩු­වක්

by Gayan Abeykoon
September 12, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රිනි හරිනි අම­ර­සූ­රිය මහ­ත්මි­යගේ කීර්ති­නා­ම­යට හානි වන ආකා­රයේ අප­හා­සා­ත්මක හා අසත්‍ය ප්‍රකා­ශ­යක් කිරීම සම්බ­න්ධ­යෙන් සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස අත්ත­නා­යක මහ­තාට එරෙ­හිව රුපි­යල් මිලි­යන 100ක වන්දි­යක් ඉල්ලා කොළඹ දිසා අධි­ක­ර­ණය ඉදි­රියේ ඊයේ (11) අප­හාස නඩු­වක් ගොනු කර ඇත.  ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් තරග වදින සජිත් ප්‍රේම­දාස මහ­තාට සහාය පළ කර­මින් පසු­ගිය අගෝස්තු 19 වැනිදා මාව­නැල්ලේ පැවැති රැස්වී­ම­කදී කළ අසත්‍ය හා ද්වේෂ­ස­හ­ගත ප්‍රකා­ශ­යක් සම්බ­න්ධ­යෙන් මෙම නඩු පැව­රීම සිදු කර තිබේ.

වග­උ­ත්ත­ර­කරු මහ­නු­වර ඇසළ පෙර­හර නව­ත්වන බවට පෙත්ස­ම්කා­රිය ප්‍රකාශ කළේ යැයි අසත්‍ය තොර­තු­රක් සමා­ජ­ගත කර ඇති බව සඳ­හන් කර ඇති බවත් බෞද්ධ පරි­ස­ර­යක කුඩා කල සිටම හැදී වැඩුණු සිය සේවා­දා­යි­කාව දකුණු ප්‍රදේ­ශයේ බොහෝ විහා­ර­ස්ථා­න­ව­ලට ඉඩ­ක­ඩම් පරි­ත්‍යාග කළ පවු­ල­කින් පැවත එන තැනැ­ත්ති­යක් බවත් ඇය කිසිදු අව­ස්ථා­වක මොන­යම් හෝ ආග­ම­කට අප­හාස වන ආකා­රයේ ප්‍රකාශ කර නැති තැනැ­ත්ති­යක බවත් ලේඛ­න­ගත නීතිඥ ශානිකා සිල්වා මහ­ත්මිය ගොනු කළ පැමි­ණිල්ලේ සඳ­හන්වේ.  විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රි­යක හා දේශ­පා­ලන ක්‍රියා­ධ­ර­යකු ලෙස හරිනි අම­ර­සූ­රිය මහ­ත්මිය ගොඩ­න­ඟා­ගෙන ඇති කීර්ති­නා­ම­යට හානි වන ආකා­රයේ ද්වේෂ­ස­හ­ගත ප්‍රකා­ශ­යක් කිරීම සම්බ­න්ධ­යෙන් වග­උ­ත්ත­ර­ක­රු­ගෙන් හා එය විකා­ශය කළ පෞද්ග­ලික මාධ්‍ය නාළි­කා­ව­කින් රුපි­යල් මිලි­යන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT