වවුනියාවේ තාණ්ඩික්කුලම ප්රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අධිබලැති ජීව මෝටාර් බෝම්බයක් පෙරේදා (10) පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඉඩම අයිති පුද්ගලයා ඉඩම සුද්ද කිරීමට ගිය අවස්ථාවේදී සැක සහිත යමක කොටසක් දැක වහාම ඔහු ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී එය අධිබලැති ජීව මෝටාර් උණ්ඩයක් බව නිරීක්ෂණය වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ව කැඳවා එම මෝටාර් උණ්ඩය අදාළ ස්ථනයෙන් ඉවත් කොට තිබේ. වවුනියාව පොලිසිය මෙම මෝටාර් උණ්ඩය පුපුරවා නිෂ්ක්‍රිය කිරීම පිණිස වවුනියාව අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා ඇත.
වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.