ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන සුකුක් ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම් පැහැර හරිනු ලැබූ පළමු රට බවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට මාලදිවයින රජය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදේශ විනිමය සංචිතය පහළ වැටීම හේතුවෙන් ලබන ඔක්තෝබර් මස කල් පිරෙන අමෙරිකානු ඩොලර් මිලියන 25ක ණය සුරැකුම්පත් නැවත ගෙවීම ද මාලදිවයිනට දැඩි අභියෝගයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. යම්කිසි රටක ණය ගෙවීමේ හැකියාව ශ්‍රේණිගත කරනු ලබන අමෙරිකාවේ ‘ෆිච්‘ ශ්‍රේණිගත කිරීම්වලින් පහළ වැටීම හේතුවෙන් ආයෝජකයන් සැලකිය යුතු අයුරින් මාලදිවයිනෙන් ඉවත්වෙමින් සිටින බැවින් වසර 2026දී එකවර කල් පිරෙන ඩොලර් මිලියන 800ක සුකුක් බැඳුම්කර ආපසු පියවීමේ අභියෝගයට මුහුණ දීමට ද මාලදිවයිනට සිදුවී ඇතැයි වාර්තා වේ.
විදෙස් සංචිත පහත වැටීමෙන් ණය ආපසු ගෙවීමේ අවදානම තුරන් කිරීමට මේ වන විට මාලදිවයින රජය එරට රාජ්‍ය සේවයේ වියදම් සීමා කිරීමට ද පියවර ගෙන ඇත.