Sunday, April 20, 2025
Home » නෙළුම්වැව රක්ෂිතයේ සැරිසරන පුංචි දළ පූට්ටුවාගේ ජීවිතය රැක දෙන්න

නෙළුම්වැව රක්ෂිතයේ සැරිසරන පුංචි දළ පූට්ටුවාගේ ජීවිතය රැක දෙන්න

by sachintha
September 11, 2024 1:26 am 0 comment

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුම්වැව ආශ්‍රිතව සහ එහි වැව් රක්ෂිතයේ මේ දිනවල කුඩා ඇත් පැටවෙකු සැරිසරමින් සිටින බැවින් එම ඇත් පැටවාගේ ජීවිතයට දඩයක්කරුවන්ගෙන් තර්ජනයක් වීමට පෙර ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් යොදවන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින්, පරිසරවේදීන්, ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ දිනවල උදෑසන සහ සවස් කාලයේ නෑමට සහ ජලය බීමට නෙළුම්වැවට පැමිණෙන අතර එම ඇත් පැටවා දුර්ලභ ඇත් පැට‍ෙවකු බව ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම ඇත් පටවා අවුරුදු දහයක් පමණ වයසැති පෙනුමක් තිබෙන බවත්, ඇත් පැටවාගේ දළ පූට්ටු වී ඇති බවත්, එම නිසා පුංචි දළ පූට්ටුවා ලෙස ඌව හඳුන්වන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT