Monday, April 21, 2025
Home » සිංහයන්ගෙන් බලපිටිය රෝහලට පරිත්‍යාගයක්

සිංහයන්ගෙන් බලපිටිය රෝහලට පරිත්‍යාගයක්

by sachintha
September 11, 2024 1:21 am 0 comment

ඊශ්‍රායලයේ සිලෝන් ට්‍රේඩර්ස් සහ ඉතාලියේ සුමින්දියා කාගෝ ආයතනයේ පරිත්‍යාගයක් ලෙස අම්බලන්ගොඩ සෙන්ට්‍රල් සිංහ සමාජයට පිරිනැමුණු රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් මුව ආවරණ ඇතුළු උපකරණ තොගයක් බළපිටිය රෝහලේ රෝගීන් වෙනුවෙන් පසුගියදා පරිත්‍යාග කිරීම සිදුවිය.

බලපිටිය ප්‍රධාන වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හා අම්බලන්ගොඩ සිංහ සමාජයේ නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. අඩුපාඩු සහිත රෝහල්වලට ඉදිරියටත් උපකරණ පරිත්‍යාග කිරීමට මෙවර පත්වූ නව නිලධාරි මණ්ඩලය කටයුතු කරන බවත් එමෙන්ම රටේ පොදු කටයුතු ඉටු කිරීමට සෑම විටම කටයුතු කරන බවත් ව්‍යාපෘති නිලධාරි වජිර සිල්වා මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT