Home » වල් වී මර්දනය කරන අයුරු වීදි නාට්‍යයකින් දැනුම්වත් කෙරේ

වල් වී මර්දනය කරන අයුරු වීදි නාට්‍යයකින් දැනුම්වත් කෙරේ

by sachintha
September 11, 2024 1:20 am 0 comment

ගුණාත්මක සහ ඉහළ අස්වැන්නක් ලබාගැනීම සඳහා කුඹුරුවල පැතිර යන වල් වී මර්දනය කිරීම සිදුකරන අයුරු වීදි නාට්‍යයක් ආකාරයෙන් රඟදක්වමින් ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හක්මණ ප්‍රදේශයේදී ඉකුත්දා සිදුකෙරිණි.

මධ්‍යම කලාපයේ කෘෂිකර්ම උපදේශකවරුන් විසින් මෙම වීදි නාට්‍යය ඉදිරිපත් කරන ලදි. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ මධ්‍යම කලාපයේ සහ හක්මණ කෘෂිකර්ම උපදේශක කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, වී වගාව තුළ වල් වී පැතිරීම ආරම්භයේ සිට ඒවා මර්දනය කර වගාව ආරක්ෂා කරගැනීම පිළිබඳ රඟ දක්වමින් විදි නාට්‍යයක් ලෙස ගොවි ජනතාව දැනුම්වත් කිරීම මෙහිදී සිදුවිය. මෙම වැඩසටහන පිළිබඳව ගොවි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි.

වැලිගම

අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT