Home » ලක්ෂ 7කට අධික වටිනා සහල් තොගයක් විනාශ කරයි

ලක්ෂ 7කට අධික වටිනා සහල් තොගයක් විනාශ කරයි

by sachintha
September 11, 2024 1:19 am 0 comment

ලක්ෂ හතකට අධික වටිනාකමින් යුතු කල් ඉකුත් වූ සහල් කිලෝ තුන්දහස් දෙසීයක් අධිකරණ නියෝගයක් මත විනාශ කිරීමට තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හා පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඉකුත් 5 වැනි දින පියවර ගෙන තිබේ.

පාතහේවාහැට නීලවල ප්‍රදේශයේ සහල් මෝලක් තුළ සඟවා තිබූ නාඩු, කීරි සම්බා සහ කැකුළු වර්ගයට අයත් ගුල්ලන් ගසා කල් ඉකුත්ව තිබූ මෙම සහල් තොගය නැවත පොලිෂ් කර ඇසුරුම් කිරීමෙන් පසුව වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම්ව තිබියදී, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව පසුගිය අගෝස්තු 22 වැනිදා මහනුවර අතිරේක මහේස්‌ත්‍රාත් ii අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී, වැරදිකරුවන්ට මුදලින් රුපියල් 26,000ක දඩයක් ද නියම කර ඇත. තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මංගල නවරත්න මහතාගේ මූලිකත්වයෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.බී. කාලාමශෝක, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස්.එස්. ජයසේකර, ඩබ්.එන්. මධුරංග යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කළහ.

 

ගලහ සමූහ – සී.කේ. වික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT