228
බදුල්ල පස්සර මාර්ගයේ මුතියංගනය විහාරස්ථානය අසලදි අද (11) පෙරවරු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් යතුරු පැදි හතකට අලාභහානි සිදුව පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
අද පෙරවරු දහය හමාරට පමණ අධික වේගයෙන් පැමිණ ඇති මොටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කල යතුරු පැදියක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන නවතා තිබු තවත් යතුරු පැදි හයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුලික විමර්ශන වලදි ආනාවරණය වී ඇත.
මෙම අනතුරින් පසුව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි