Home » බිම්බෝම්බ සුද්ද කළ කිළිනොච්චියේ ගම්මාන උරුමකරුවන් 600කට ළඟදීම පදිංචිය

බිම්බෝම්බ සුද්ද කළ කිළිනොච්චියේ ගම්මාන උරුමකරුවන් 600කට ළඟදීම පදිංචිය

by sachintha
September 11, 2024 1:45 am 0 comment

කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ මුළුමනින්ම බිම්බෝම්බ ඉවත් කළ වර්ග මීටර් 1,142,563ක භූමි ප්‍රමාණය ඒවායෙහි අයිතිකරුවන් නැවත පදිංචි කිරීම පිණිස රජයට භාර කෙරෙන බව ෂාප් (SHARP) බිම්බෝම්බ ඉවත් කිරීමේ දේශීය සංවිධානයේ මෙහෙයුම් කළමනාකරු කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා පෙරේදා පැවසීය.

මෙසේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම පිණිස පළාතේ රාජ්‍ය නිලධාරීන් රැසක් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙහෙයුම් කළමනාකාරවරයා මේ බව කියා සිටියේය.

එසේ බිම්බෝම්බ ඉවත්කොට ඇත්තේ කිළිනොච්චියේ ඉත්තාවිල් හා මුහමාලේ යන ප්‍රදේශවල වන අතර එම ගම්මාන දෙකේ පවුල් 350ක් පමණ යුද්ධයට පෙර ජීවත්වී තිබේ.

මේ වන විට අනු පවුල් සමඟ පවුල් 600කට ආසන්න ප්‍රමාණයක් එම ඉඩම්වල යළි පදිංචි වීමට නියමිතව සිටිති.

2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ උත්සාහයට ෂාප් (SHARP) සංවිධානය ද එකතු වී සිටින අතර එම සංවිධානය ප්‍රකාශ කරන්නේ ඒ වන විට එම ඉලක්කයට ළඟා වීමට හැකියාවක් පවතින බවයි.

ෂාප් (SHARP) සංවිධානය ජපන් රාජ්‍යයේ ආධාර මත බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත පූර්ණ දේශීය සංවිධානයකි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT