Home » නාමල්ගේ හෙට්ටිපොළ රැස්වීම අමතද්දී මන්ත්‍රී නාලක කෝට්ටගොඩට මරණ තර්ජන කරළා

නාමල්ගේ හෙට්ටිපොළ රැස්වීම අමතද්දී මන්ත්‍රී නාලක කෝට්ටගොඩට මරණ තර්ජන කරළා

by sachintha
September 11, 2024 1:45 am 0 comment

ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ හෙට්ටිපොළ නගරයේදී පැවති ජන රැලිය අමතමින් සිටි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතාට කිසියම් පිරිසක් විසින් මරණ තර්ජනය කළ බවට පෙරේදා (09) පැමිණිල්ලක් ලැබී ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතලේ ලග්ගල හෙට්ටිපොළ නගරයේදී සංවිධානය කර තිබූ ජන රැලිය අමතමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතා වෙත එහි රැස්ව සිටි පිරිසක් විසින් ඔහුගේ කතාවට විරෝධය දක්වමින් හූ කියමින් මන්ත්‍රීවරයාගේ කතාව නතර කරන ලෙස නොසන්සුන්කාරී අයුරින් හැසිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

මේ පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක පණ්ඩාර කෝට්ටගොඩ මහතාගේ විමසීමේදී ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ සේවය කරනු ලබන පුද්ගලයකු විසින් සංවිධානාත්මකව කිසියම් පිරිසකට මත්පැන් ලබාදී තමා කෙරෙහි ජනතාව තුළ ඇති ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා කඩාකප්පල් ක්‍රියාව කර ඇති බවත් ඔහු ඉදිරි මහ මැතිවරණය සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානම්ව සිටින බැවින් මෙම සිදු කිරීම සිදු සිදු සිදුකරන්නට ඇති බවට තමා සැක කරන බවත් මෙම රැස්වීම අතරතුර තමාට මරණ තර්ජන සිදු කළ පුද්ගලයන්ට විරුද්ධව විල්ගමුව පොලිසිය වෙත පැමිණිලි කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT