Home » වීදාගම පොහොට්ටු කාර්යාලයට ගිනි තියලා

වීදාගම පොහොට්ටු කාර්යාලයට ගිනි තියලා

by sachintha
September 11, 2024 1:44 am 0 comment

බණ්ඩාරගම හොරණ මාර්ගයේ වීදාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයකට ඊයේ අලුයම ගිනි තබා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

එම ගිනි තැබීමෙන් මෙවර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අඩි හයක පමණ උසින් යුත් පෝස්ටර් දෙකකට සම්පූර්ණයෙන් හානි සිදුවී ඇත. සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT