මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදු කළ මෙහෙයුමකදී පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී කච්චේරියක් වටලා රියැදුරු බලපත්‍ර, බදු ඔප්පු, උප්පැන්න සහතික, විභාග සහතික ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කර ඉහළ මිල ගණන් යටතේ අලෙවි කළ ප්‍රධාන සැකකරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරක් මත සිදුකර ඇති මෙම මෙහෙයුමේ දී පසුගිය 08 වැනිදා ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයකු මාතර වෙරළ පාරේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම බලපත්‍රය ඔහුට ලබා ගැනීමට සහාය වූ තවත් අතරමැදි පුද්ගලයෙකු අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත හොර කච්චේරිය පත්වාගෙන යනු ලබන කොළඹ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පන්නිපිටියේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත ව්‍යාජ ලේඛන සැකසීම සඳහා භාවිතයට ගන්නා පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ තවත් ලිපිද්‍රව්‍ය සමඟ තවත් එක් සැකකරුවෙකු මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී ලිපි ලේඛන මුද්‍රණ කටයුතු සිදු කළ පාදුක්ක ප්‍රදේශයේ මුද්‍රණාලයක් වටලා තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේය.
ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී වෛද්‍ය උපාධි සහතික, සාමාන්‍යය පෙළ හා උසස් පෙළ විභාග සහතික, බදු ගිවිසුම්, NVQ සහතික හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර 148ක් සොයා ගත් බව ද පොලිසිය පැවසුවේය.
2017 වසරේ සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මෙම ජාවාරම්කරු සමඟ සම්බන්ධ වී ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
මේ අනුව යන්ත්‍ර සූත්‍ර සමඟ අත්අඩංගුවට ගෙන ඇති රියැදුරු බලපත්‍රය ප්‍රමාණය 168 කි. මෙයට අමතරව ප්‍රධාන සැකකරු සතුව තිබී ව්‍යාජ ලිපි ලේඛන සකසා උපයාගත් මුදලින් රුපියල් එක් ලක්ෂ පනස්දහසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අවුරුදු 32 – 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් පෙරේදා (09) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි