ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ ජි.එල්. කොටසේ වතු නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොලිතින් බැගයක දමා තිබි හමු වු මියගිය බිලිඳියගේ මව සහ ත්‍රිරෝද රථයේ රියැදුරා ඊයේ (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවත්, ත්‍රිරෝද රථයේ රියැදුරා 28 හැවිරිදි වියේ පසුවන බවත් මේ දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් තිබි ඇති බවත්, ත්‍රිරෝද රථ රියැදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු වන බවත් ආගරපතන පොලිසිය සිදු කර ඇති මුලික විමරශන වලදි අනාවරණය වි ඇත.
සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ නිවසට යාබදවම සැකකාර මව පදිංචි බවත්, ඇය මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රිරෝද රථයකින් පෙරේදා (09) දින මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට රැගෙන පැමිණ ඇති බවයි පොලිසිය පවසා සිටියේ.
දින කිහිපයකට ප්‍රථම බිලිඳිය ප්‍රසුත කර ඇති බවත්, බිලිඳිියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබු නිසා එය ඝානයක්ද යන්න පිළිබඳව සැක සහිත බවත් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු එය අනාවරණය විය හැකි බවයි ආගරපතන පොලිසියේ නිලධාරියෙකු වැඩිදුරටත් පවසා සිටියේ.
ත්‍රිරෝද රථයේ රියැදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්‍රිරෝද රථයෙන් කුලී රථ ගමනක් ගොස් ආපසු ඊයේ (10) උදෑසන නිවෙසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇත.
පොලිතින් උරයක දමා තිබූ බිලිඳියගේ මළ සිරුර ගාල් කර තිබු ත්‍රිරෝද රථයෙන් දැඩි දුගන්ධයක් හැමිම නිසා සැකකාර ත්‍රිරෝද රථ රියැදුරාගේ මව විසින් පරික්ෂා කළ අවසථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස පොලිතින් බැගයක් තුළ දමා තිබු බිලිඳියගේ සිරුර හමු වි ඇති බවත්, පසුව ඒ පිළිබඳව අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු අසල්වාසින් විසින් ආගරපතන පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දි ඇත.
ත්‍රිරෝද රථයේ තිබි හමු වු බිලිඳිියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින් පැවැත් වු අතර, බිලිඳියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට ආගරපතන පොලිසියට නියෝග කෙරිණ.
සිරුර සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
හැටන් – රංජිත් රාජපක්ෂ