Home » ලොවක් කම්පා කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23 ක්

ලොවක් කම්පා කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23 ක්

by yasara
September 11, 2024 3:17 pm 0 comment

ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙයි.

මගී ප්‍රවාහන ගුවන්යානා හතරක් යොදාගනිමින් එල්ල කළ 9/11 ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරයේ ඉලක්කය වූයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුලුන වන අතර එරට වේලාවෙන් පෙරවරු 8.46 ට එම ප්‍රහාරය එල්ල විය.

ඉන් මිනිත්තු 17 කට පසු එනම් පෙරවරු 9.03ට එහි දකුණු කුලුන වෙතද ප්‍රහාරයක් එල්ල වූයේ තවත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් යොදාගෙන ය.

පළමු ප්‍රහාරයෙන් පැයයි විනාඩි 45කට ආසන්න කාලයක් තුළ මහල් 110කින් සමන්විත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ද්විත්වයම කඩා වැටුණි.

නිව්යෝර්ක් ප්‍රහාරයේ උණුසුම පහව යාමටත් මත්තෙන් අමෙරිකානු ආරක්ෂාවේ මර්මස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනය එනම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වෙත ද තවත් ගුවන්යානයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ පෙරවරු 9.37ටය.

අමෙරිකාවට ඩොලර් බිලියන 10කට ආසන්න මූල්‍ය හානියක් සිදුකරමින් එල්ල වූ 9/11 ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 2,977කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT